රාස් ලෆාන් ප්‍රහාරයෙන් කටාර් ආර්ථිකයත් හෙල්ලෙන ලකුණු

0
3

ඉරානය විසින් කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) බලාගාරයට එල්ලකළ ප්‍රහාරයෙන් එරට ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ලවනු ඇති බව එරට බලශක්ති අමාත්‍යවරයා පවසා තිබේ.

ඉදිරි වසර 5 තුළ කටාර්හි ස්වභාවික වායු (LNG) අපනයන ධාරිතාව 17% කින් අඩුවනු ඇති බවත්, එමඟින් ඩොලර් බිලියන 20ක් පමණ වාර්ෂික ආදායමක් රටට අහිමිවනු ඇති බවත් ඔහු පවසයි.

මෙම ප්‍රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදුව ඇති බව දැන සිටියත්, එය මෙතරම් බරපතළ බව තමන් නොසිතූ බවත් කටාර් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ඊශ්‍රායලය විසින් පර්සියානු බොක්කෙහි උතුරට වන්නට පිහිටි ඉරානයට අයත් (South Pars) ගෑස් නිදියට ඉකුත් බදාදා එල්ලකළ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉරානය රාස් ලෆාන් වෙත මෙම ප්‍රහාරය එල්ල කළේය.

සිංගප්පූරුවට අයත් ඉන්ධන සැපයුම්කරුවෙකු වන හයිසයිට්ස් හි උසස් නිලධාරියෙකු රාස් ලෆාන්ට සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙවන්නක්.

“අවුරුදු පහක් යනු අලුත්වැඩියාවක් නොවේ,” එය සම්පූර්ණ නැවත ගොඩනැගීමක්” යනුවෙන්ය.

ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව සහ චීනය වැනි ආසියානු රටවල් මෙන්ම ඉතාලිය සහ බෙල්ජියම යන යුරෝපානු රටවල් කටාර් රාජ්‍යයේ විශාලම ගෑස් ගනුදෙනුකරුවන්ය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here