රාමසාන් සැමරුමෙන් පසු අල්මුටයිරි වැඩ ආරම්භ කිරීමට සූදානමින්

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 28, කොළඹ LNW:

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු අබ්දුල්ලා අල්මුටයිරි ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස මාර්තු මස තෙවන සතියේ පමණ,රාමසාන් නිමාවට පසුව වැඩ අරඹනු ඇත.ඔහු සිය පළමු ධුර කාලය නිමා කර ඔහුගේ උපන් රට වන කුවේට් බලා ගිය පසු නැවත ආපිට ශ්‍රී ලංකාවට නොපැමිණෙනු ඇති බවට විවිධ ආරංචි පැතිර තිබිණ.සමහර අවස්ථාවලදී ඔහුට සමීපව සිටි පිරිස් ද එවැනි අදහස් පළ කරනු දකින්නට ලැබුණු අතර එවැනි අවස්ථාවක ඔහුව ශ්‍රී ලංකා පාපන්දුවට කැඳවීමේ හෝ ඔහු ගැන වෙනසක් කිරීමේ දී අදාළ කටයුතු සඳහා ප්‍රධාන වන පුද්ගලයා වන පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර්ගෙන්ම විමසා සිටියේය.

“වැඩ කරන විදිහ පොඩ්ඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා.ඔහු අනිවාර්යෙන් එනවා“
ඒ අවස්ථාවේදී ජස්වර් අමාර් එසේ පැවසුව අතර අප එම ප්‍රවෘත්තිය පළ කර මසකට ආසන්න කාලයක් ඇතුළත ද අල්මුටයිරි නො‘එන බවය පුවත් පළ වී තිබිණ.එවැනි අවස්ථාවක ජස්වර් උමාර් ම නිල පණිවිඩයකින් ඔහුගේ පැමිණීම තහවුරු කර ඇත. අල්මුටයිරි ද සිය සමාජ ජාලා ගිණුමක, එරට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධ සමාජ ජාලයකට අයත් වීඩියෝවක, ඔහු සහ ජස්වර් ශ්‍රී ලංකා පාපන්දු සහ කණ්ඩායම ගැන වගකීමෙන් කතා කරන වීඩියෝවක් ඇතුළත් කර තිබීම, ඔහුගේ නැවත පැමිණීමට සාක්ෂියක් බඳුය.

අල්මුටයිරිගේ පුහුණුකාරත්වයේ පළමු අදියර තුළ පහත සඳහන් ධනාත්මක වෙනස්කම් ලාංකේය පාපන්දුව තුළ ඇති විය.

  • ඉහළ පෙළේ ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක් ලබා ගත්තේය
  • කණ්ඩායම් ව්‍යුහය සහ උපායශීලී විනය ශක්තිමත් කළේය
  • ක්‍රීඩක වෘත්තීයභාවය සහ තරඟකාරී මානසිකත්වය ඉහළ නැංවීය
  • ශ්‍රී ලංකාවේ FIFA ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල යම් ප්‍රගතියක් අතර කර ගැනීමට දායක විය.
    ශ්‍රී ලංකාව මාර්තු 30 වන දා චීන තායිපේ කණ්ඩායම සමඟ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකට ඉදිරිපත් වීමට නියමිතව ඇත.අල්මුටයිරි එම තරගය ඉලක්ක කරගෙන කෙටි කාලීන සැළසුමකට අනුව ජාතික කණ්ඩායම සූදානම් කරනු ඇත.

The post රාමසාන් සැමරුමෙන් පසු අල්මුටයිරි වැඩ ආරම්භ කිරීමට සූදානමින් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here