ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අදට (21) යෙදී තිබේ.
ස්ලාම් භක්තිකයන්ගේ උපවාස කාලයේදී නව සඳ දර්ශනය වීමෙන් පසු උපවාසය අත්හැර රාමසාන් උත්සවය පවත්වන අතර කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ දින 30ක ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය නිමකර රාමසාන් උත්සවය සැමරීම මෙලෙස අද සිදු කරන බවය.
ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුරානයේ නියම කර ඇති පරිදි උපවාස ශීලය අවසන් කෙරෙන දිනය රාමසාන් දිනය ලෙසින් සැලකේ.
මුස්ලිම්වරු පවුලේ අය සහ මිතුරන් සමඟ ආහාර බෙදා ගැනීමෙන් ඔවුන්ගේ දෛනික උපවාසය අත්හරින අතර රාමදාන් අවසානය සමරනු ලබන්නේ ඉස්ලාමයේ ප්‍රධාන නිවාඩු දිනයක් වන ඊද් අල්-ෆිතර් නමින් දින උත්සවයක් සමරමිනි.
මසක් පුරා උපවාසය රැකීමෙන් දිළිඳු ජනතාවගේ කුසගින්න අවබෝධ කරගැනීමත්, අසරණ දිළිඳු හා රෝගී ජනයාට ආහාරපාන හෝ ඒවා මිලට ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කිරීමත් මෙහිදී සිදුවෙයි.
1
Saru News
















