Makeup කියන්නේ තරුණියන් බොහොම කැමති දෙයක්. ඒ වගේම මේකප් කරන එක කියන්නේ කලාවක්.ඒ කලාව හරියටම දැනගෙන කලොත් ඒකේ ප්‍රතිඵලය බොහොම සුන්දරයි. විවිධ අවස්ථාවන් වලට සහබාගි වෙනකොට ඒකට ගැලපෙන ආකාරයේ මේකප් එකක් කලොත් තමයි ඔබව බොහොම සුන්දරව පෙනෙන්නේ. ඉතින් රාත්‍රී උත්සවයකට ගැලපෙන මේකප් එකක් කරන විදිය දැනගන්න ඔබ කැමතිද ?
මේ පියවර තමයි ඔබේ මේකප් එකේ වැදගත්ම කොටස. ඔබේ මේකප් එකේ අවසාන පෙනුම සහ රඳා පැවැත්ම පවතින්නේ මේ ප්‍රයිමර් එක මතයි. ඔබ පාවිච්චි කරන foundation එක ඉතා හොඳින් පවතින්න නම් , ඔබේ සමට ඒකාකාරී බවක් ලබාගන්න නම් ප්‍රයිමර් එකක් පාවිච්චි කරන එක අනිවාර්යයි. ඒකත් හොඳම තත්වයේ එකක් බවට සහතික කර ගන්න අමතක කරන්න එපා.
ඔබේ මුහුණේ සහ බෙල්ලේ පැහැය එකම පැහැයකට ගන්න නම් මේ foundation එක අනිවාර්යයෙන්ම මුහුණ සහ බෙල්ල එකම විදිහකට ආලේප කර ගන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා ඔබට beauty blender එකක් හෝ foundation brush එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ සමට ගැළපෙන හොඳ fundation එකක්, ඔබේ skin tone එකට ගැලපෙන හෝ skin tone එකට tone එකක් වැඩි foundation එකක් වගේම ඔබේ මුහුණේ ඇති ලපකැලල් සහ අඳුරු තැන් වසා ගන්නට පුළුවන් හොඳ ගුණාත්මකභාවයකින් යුතු foundation එකක් තෝරා ගන්නත් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ.
Foundation එකකින් විතරක් සම්පූර්ණයෙන්ම ඔබේ මුහුණේ පැහැය ලස්සන සහ ඒකාකාරී කර පෙන්වන්න අපහසුයි. ඔබේ නාසය මත , ඇස් යට , නලල මැද සහ නිකට වැනි ස්ථාන වල පැහැය මදක් වැඩි කර පෙන්නන්න වගේම සමහර තද ලප සහ අඳුරු කව ගන්නත් ඔබට concealer එකක් භාවිතා කරන්න පුළුවන්.
Contour එකක් තෝරගන්නකොට ඔබේ සමේ පැහැයට වඩා මදක් තද පැහැයක් තමයි තෝරා ගන්නට ඕනේ. මේවා මගින් ඔබේ කම්බුල් වල හැඩය සහ නිකටේ හැඩය තවත් හැඩ කර පෙන්වන්නට පුලුවන්. ඒ විතරක් නෙමෙයි ඔබට තිබෙන්නේ තරමක් මහත මුහුණක් නම් ඒ කෙට්ටු කර පෙන්වන්නටත් මේ contour කිරීම මගින් පුළුවන්. ඒ වගේම එය ඔබේ foundation එක සමග හොඳින් blend කර ගන්නත් අමතක කරන්න එපා.
ඔබේ foundation එක වගේම concealer එකත් මුහුණේ හොඳින් රදා පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම powder කරන්නට ඕනේ. ඒ නිසා ඒ පියවර අනිවාර්ය බවත් මතකයේ තියාගන්න.
ඔබේ කම්මුල් වල ලස්සන ඉස්මතු කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේක. මේ සඳහා විවිධ වර්ගයේ blush වර්ග මේ වන විට වෙළෙඳ පොළේ ඕනෑතරම් තියෙනවා. ඔබේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය පැහැයකින් මේවා තෝරා ගන්න ඔබට පුළුවන්. නමුත් ඕනෑවට වඩා blush කිරීමෙන් ඔබේ මේකප් එකේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට පුළුවන් නිසා එය ඉතාම පරෙස්සමෙන් කළ යුතුයි
රාත්‍රී උත්සවයකට සහභාගි වෙනකොට ඔබේ මේකප් එකේ glow එක තරමක් වැඩි උනාට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ නාසය මත , කම්බුල් දෙ පසට සහ නිකට මත තරමක් හයිලයිට් කරගන්නත් ඔබට පුළුවන්. මෙයින් ඔබේ මේකප් එකට හොඳ පෙනුමක් ලැබෙනවා
ඔබේ මේකප් එකේ ඉතාම වැදගත් අංගයක් තමයි මේක. ඔබේ ඇඳුමේ වර්ණයට සහ ඔබේ ආභරණවලට ගැලපෙන පරිදි eye makeup එක කරගන්න ඔබට පුළුවන්. මේ සඳහා ලා වර්ණ වල සිට තද වර්ණ දක්වා වගේම තරමක් දිලිසෙන වර්ණ වුනත් භාවිතා කලාට ගැටළුවක් නැහැ.
ඔබේ ඇස් කුඩා නම් එය දිගු කර පෙන්වන්නට වගේම ඔබේ ඇස් දිගු නම් එහි හැඩය තවත් ඔප් නංවන්න ටත් මේ eyeliner ඔබට අවශ්‍ය ආකාරයට ඇඳ ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ ඇස්වල පෙනුම වැඩි කරගන්නට ඔබට eyelashes වුනත් භාවිතා කරන්න පුළුවන්.
රාත්‍රී කාලයේ පැවැත්වෙන උත්සවයක් නිසා තරමක් තද පැහැ lipstick එකක් ගල්වන්නට ඔබට පුළුවන්. එයත් ඔබේ ඇඳුම සහ ආභරණ අනුව තෝරාගත යුතුයි. මෙහිදී ඔබේ තොල් වල හැඩය වඩාත් කැපී පෙනෙන පරිදි lipstick ආලේප කර ගන්න අමතක කරන්න එපා.
ඔබේ මේකත් එකේ අවසාන සහ වැදගත් අංගයක් තමයි මේක. සම්පූර්න මේකප් එක මුහුණේ බොහෝ වේලාවක් රඳවා ගන්න අනිවාර්යයෙන්ම settings spray එකක් ඔබ භාවිතා කරන්න ඕනේ. ඒ වගේම එය හොඳින් වියලෙන්නට හරින්නත් අවශ්‍යයි
රාත්‍රී උත්සවයකට සහභාගි වෙන්න ඔබට තනිවම කරගන්න මේකත් එකක තියෙන්නට ඕන අනිවාර්ය සරල පියවරයන් ගැනයි අද අපි මේ ලිපියෙන් කතා කළේ.
Saru FM Media