රාජ්‍ය සේවයේ බහුතරයක් දූෂිත අය නොවේ දූෂිත සුළු පිරිසට මුළු රාජ්‍ය සේවා පද්ධතියම දූෂිත කරන්න ඉඩ දෙන්න බෑ – ඇමති නලින්ද

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ LNW :

සුපිළිපන් රාජ්‍ය සේවයක් නිර්මාණය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය සංවිධානය කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකය කාර්ය්‍යභාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

එහිදී එම වැඩසටහන එක් වෙමින් , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රාජ්‍ය සේවයේ අති බහුතරයක් අදූෂිත, සොරකම් සිදු නොකරන හා  එවන් කටයුතු සඳහා දායක නොවන බවත්,  ඉතා සුළු පිරිසක් දුෂණ හා ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බවය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැති මෙම වැඩසටහනට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ  කොමිෂන් සභාවෙි සම්පත් දායකයින් ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.

සුපිළිපන් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමේ අරමුණින් පැවැති මෙම පුහුණු වැඩසටහනේ දී සුපිළිපන් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමේදී අභ්‍යන්තර කටයුතු ඒකකවල භූමිකාව, අභ්‍යන්තර කටයුතු ඒකකය මගින් ආයතන තුළ දූෂණ හා අක්‍රමිකතා පැමිණිලි කළමනාකරණය, දූෂණය හඳුනා ගැනීම හා දූෂණයේ ප්‍රතිවිපාක, ආයතන තුළ පවත්නා දූෂණ අවධානම් හඳුනා ගැනීම හා දූෂණය වැලැක්වීමේ ක්‍රියාමාර්‌ග පිළිබඳව දේශන පැවැත්විණි. සමස්තයක් ලෙස රට අද පවතින තත්ත්වයට පවත්වාගෙන යෑමට රාජ්‍ය සේවකයින් දක්වන ලද කැපවීම මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සුවිශේෂී ඇගැයීමකට ලක් වූ අතර, මෙතෙක් අත්පත් කරගත් ජයග්‍රහණ අභිබවමින් ජයග්‍රහණ ඉදිරියේ දී ලබා ගත හැකි බව ද අවධාරණය කරන ලදි.

රාජ්‍ය සේවාවේ බහුතරයක් දූෂිත නොවන බවත්, සොරකම් සිදු නොකරන හා  එවන් කටයුතු සඳහා දායක නොවන බවත්,  ඉතා සුළු පිරිසක් දුෂණ හා ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බවද අවධාරණය කරන ලදී. මෙම දූෂිත සුළු පිරිස  මුළු රාජ්‍ය සේවා පද්ධතියම දූෂිත බවට පෙන්වීමට කටයුතු සිදු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය සේවාවට එක්වන නිර්දූෂිත  පිරිස දූෂිත සුළු පිරිස අතරට එක්කර ගැනීමට උත්සාහ කරන කරන බවද පැවසීය.

වර්තමාන රජය කිසිවිටෙකත් දූෂණයට ඉඩ නොතබන බවත්, දූෂණ කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් නොපොළඹවන බව ද පැවසූ අමාත්‍යවරයා මෙම වැඩසටහන ඉතා වැදගත්, හරවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් බවත් මෙි තුළින් දූෂිත නොවන ශක්තිමත් රාජ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කළ හැකි වනු ඇති බවද අවධාරණය කරන ලදී.

සාමූහිකව නිවැරදි තීන්දු ගැනීම, ගන්නා ලද තීන්දුවලට අදාළව සාමූහිකව වගකීම හා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම, නිවැරදි පසු විපරම් ක්‍රියාවලිය ආයතන සාර්ථකත්වයට  හේතුවන බවද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

The post රාජ්‍ය සේවයේ බහුතරයක් දූෂිත අය නොවේ දූෂිත සුළු පිරිසට මුළු රාජ්‍ය සේවා පද්ධතියම දූෂිත කරන්න ඉඩ දෙන්න බෑ – ඇමති නලින්ද appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here