රාජ්‍ය වෙසක් උත්සවයට නුවරඑළියට එන ජනතාවට දැනුම්දීමක්

0
5


ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවයේ දෙවන දිනය අදයි. 

“කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” තේමාව යටතේ ඊයේ ආරම්භ වූ රාජ්‍ය වෙසක් මහෝත්සවය ලබන 16 වනදා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. 

කැළිකසළ නිසි පරිදි බැහැර කරන ලෙසට රාජ්‍ය වෙසක් උත්සවයට නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක්ද කෙරුණා. 

මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්ද අද පස්වරුවේ පැවැත්වෙන බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය නෙත් නිවුස් වෙත කියා සිටියේ.

Neth Sound · GA THUSHARI 01

එමෙන්ම රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නුවරඑළිය ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩසටහනක්ද ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

Neth Sound · GA THUSHARI 02

අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය ඊයේ ආරම්භ වුණා. 

ඒ, නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදීයි. 
 

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කර තිබෙනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here