රාජ්‍ය බුද්ධි තොරතුරු කාන්දු කළ බවට එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පර්යේෂණ ආරම්භ වේ

0
16


සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යේමනයේ සිදුවීමට නියමිතව තිබු එක්සත් ජනපද ගුවන් ප්‍රහාර පිළිබඳ අතිශය රහස්‍ය බිද්ධි වාර්තා සිග්නල් යෙදුම් හරහා මාධ්‍ය වේදියකුට මුදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DoD) පරීක්ෂක ජෙනරාල්වරයා පර්යේෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්දයෙන් පෙන්ටගනයේ වැඩබලන පරීක්ෂක ජෙනරාල් ස්ටීව් ස්ටෙබින්ස් නිවේදනය කර තිබුණේ, මෙම විමර්ශනයන් හරහා නිල ව්‍යාපාර සඳහා වාණිජ පණිවිඩ යෙදුමක් භාවිතා කිරීම සඳහා ආරක්ෂක ලේකම් සහ අනෙකුත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටිවලට කොතරම් දුරට අනුකූලද යන්න තීරණය කරනු ඇති බවයි.

අත්ලාන්තික් පුවත්පත විසින් හෙග්සෙත් විසින් සිග්නල් හි බෙදාගත් පණිවිඩ ප්‍රකාශයට පත් කළ අතර, එහි යේමනයේ හවුති කැරලිකාර ඉලක්කවලට එරෙහි F-18 ප්‍රහාරක ජෙට් යානා දියත් කිරීමේ වේලාවන්, බෝම්බ හෙළීමේ වේලාවන් සහ නාවික ටොමාහෝක් මිසයිල දියත් කිරීම් වැනි ප්‍රහාර පිළිබඳ රාජ්‍ය බුද්ධි මෙහෙයුම් විස්තර ඇතුළත් වී තිබිණි.

මේ හේතුවෙන් මෙම පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති අතර මේවන විට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ අවම වශයෙන් නිලධාරීන් තිදෙනෙකු සේවයෙන් ඉවත්කර ඇති අතර පක්ෂපාතී නොවන බව සැලකෙන ඕනෑම කාර්ය මණ්ඩලයක් ඉවත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here