රාජ්‍ය ආයතන සුරක්ෂිත කරනවා කියූ වත්මන් රජය අද විදුලි බල මණ්ඩලයේ මළගම ප්‍රකාශයට පත්කළා – විපක්ෂ නායක සජිත්

0
2

ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණවලට පෙර දැරපු මතය වූයේ අප රටේ රාජ්‍ය ආයතන සුරක්ෂා කළ යුතු කර ඒවා රැකගෙන පෞද්ගලිකකරණය කිරීම වළක්වාලිම වුවත් අද වන විට රජය ලංකා විදුලි බල මණ්ඩලයේ මළගම ප්‍රකාශයට පත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එදා විදුලි බල මණ්ඩලයේ 23,000ක් සේවකයන් මහ පාරට බස්සවා විදුලි බල මණ්ඩලයට අත තියන්නේ නැ කියා ජනතාව අන්දවා අද රාජ්‍ය බලය ලබා ගෙන විදුලි බල මණ්ඩලය ආයතන ගණනාවකට වෙන් කර විනාශ කරන ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත් මෙහි ප්‍රතිසංස්කරණය හා ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ යුතු වුවත් ඒවා විනාශ කරන්න වරම නොලැබුණු බවත් රාජ්‍ය ආයතන සුරක්ෂිත කරන්න පමණක් වරම ලැබූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අප රටේ විදුලි බල ක්ෂේත්‍රය ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන නිසා එය ප්‍රතිව්‍යුහගතකරණය මීට වඩා සිතා වගකීමයි වගවීමයි සිදුවන ආකාරයට කළ යුතු වුවත් අද 23,000ක් සේවකයන් අනාථ වී ඇති බවත් මොවුන් මේ සේවකයන් බිල්ලට දී ජනාධිපතිකම් ඇතුළු බලය අරගෙන සැපපුටුවල වාඩි වී විදුලි බල මණ්ඩළය සහ සේවකයන් අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි බොරු කළේ ඇයිද කියා ප්‍රශ්න කරණ බවත් මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධව මීට දශකයකට පෙර විරුද්ධ වූ වත්මන් රජය අද ජන වරම් පාවා දී විනාශ කර ඇති බවත් මේ ප්‍රතිසංස්කරණ කළ යුත්තේ සේවකයන් සමග සාකච්ඡා කරමින් රැකියා සුරක්ෂිත කරමින් බවත් හිතුන හිතුන වෙලාවට තනි තීන්දු ගන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දැනටමත් නොරොච්චෝල බලාගාරය විනාශ කළ මේ රජය දැන් විදුලි බල මණ්ඩලය පවා විනාශ කර ඇති බවත් අප රටේ බලශක්ති ක්ෂේත්‍රය අනතුරේ දමා විදුලි බල මණ්ඩලයේ 23,000 අනාගතය අන්ධකාරයට ගෙන විත් ඇති බවත් දැන්වත් මොවුන්ට නොරැවටෙන ලෙසත් මෙය ජනතාව අපේක්ෂා කරන ක්‍රමයේ වෙනස නොවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (09) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

The post රාජ්‍ය ආයතන සුරක්ෂිත කරනවා කියූ වත්මන් රජය අද විදුලි බල මණ්ඩලයේ මළගම ප්‍රකාශයට පත්කළා – විපක්ෂ නායක සජිත් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here