රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරග පාවාදීමේ චෝදනා

0
10


මෙවර අයි.පී.එල් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තරග පාවාදීමේ චෝදනා එල්ල වී තිබෙනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසන් වරට සහභාගී වූ තරගයේ දී ඔවුන්ට මෙම තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 19 වනදා ජායිපූර් හිදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවති එම තරගය ලකුණු දෙකකින්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරාජයට පත්වුණා.

මෙම තරගයෙන් තියුණු පරාජයකට මුහුණදීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සිදුවීමත් සමඟ, රාජස්ථාන් ක්‍රිකට් සංගමයේ තාවකාලික කමිටුවේ කැඳවුම්කරු ජයිදීප් බිහානි විසින් මෙම චෝදනාව එල්ල කර තිබෙනවා.

News18 Rajasthan සමඟ ජයිදීප් බිහානි සිදුකළ සංවාදයකදී ඔහු පවසන්නේ අවසන් ඕවරයේ දී ලක්නව් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් කණ්ඩායම පරාජයවීම පිටුපස තරග පාවාදීමක් ඇති බවයි.

මෙම තරගයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ ලකුණු 180ක් ලබාගත් අතර ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

රාජස්ථාන් ඉනිමේ අවසන් පන්දුවාර තුළ ලකුණු 09ක් ජයග්‍රහණය සදහා අවශ්‍යව තිබූ අතර, අවේෂ් ඛාන් විසින් යැවූ එම පන්දුවාර තුළ ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 06ක් පමණයි.

මෙවර තරගාවලියේ දී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන අතර එහි ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here