රාජපක්ෂ චෞර කල්ලියේ ප්‍රබලයෙක් මාට්ටු

0
11


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ දී මර්වින් සිල්වා ඇමතිවරයාගේ ලේකම්වරයෙකු ලෙසින් පත්කර සිටි සරත් කුමාර එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තඩංගුවට ගෙන තිබේ.

මර්වින් සිල්වා අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුගේ කටයුතු හැසිරවීම සඳහා මහින්ද රාජපක්ෂ විසින් එම පුද්ගලයා මර්වින් සිල්වා වෙත යොදවා සිටි බව අවස්ථා ගණනාවකදී හෙළි විය. කිරිබත්ගොඩ නගරයේ තිබූ ඉඩමකට අදාළව කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව මත ඔහු අත්තඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 09 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මර්වින් සිල්වා හිටපු ඇමතිවරයාට අමතරව, ඔහු සමඟ විවිධ ජාවාරම්වලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී සිටින කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු, නවීන් වීරකෝන් සහ සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here