පාස්කු ඉරිදා එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් පිළිබඳව විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් වඩාත් භීතියට පත් වී සිටින රාජපක්ෂ කල්ලිය තවදුරටත් අසරණ කරමින් දෙකට බෙදීමට ගම්මන්පිල සමත් වී තිබේ.
ඔහු ඊයේ (31) නිකුත් කළ ප්‍රබන්ධයක අවධාරණය කර තිබෙන්නේ පාස්කු දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොළකරු සහරාන් හෂීම් බව ය. ඔහුගේ ප්‍රබන්ධයේ 128 වෙනි පිටුවේ “ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන්නේ අන් කවරෙකුත් නොව සහරාන් හෂීම් ය.” යනුවෙන් සටහන් කර ඇත.
එහෙත්, ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් මණ්ඩලයේ උදය ගම්මන්පිලත් සමඟ සිටි සරත් වීරසේකර පසු කලෙක පසු ඇත්තේ මහ මොළකරු නවුෆර් මවුලවි වන බවයි. ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමෙන් පසුව සරත් වීරසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් පමණක් වී සිටියදී 2021 අප්‍රේල් 21 වෙනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ “ජාත්‍යන්තර බුද්ධි අංශ තුනක් මේ ගැන විමර්ශන කළා. ඔවුන් කීවා මහ මොළකරු නවුෆර් මවුලවි කියලා. ඔහු තවමත් හිර බාරයේ ඉන්නේ” යනුවෙනි.
මේ අනුව, රාජපක්ෂ කල්ලිය එක මතයකට පැමිණිය නොහැකිව දෙකට බෙදී ඇති බව ගම්මන්පිලගේ ප්‍රබන්ධය නිකුත් කිරීමත් සමඟ තහවුරු වී ඇත.
0
Saru News
















