රාජපක්ෂ කල්ලියක් රෝගීන්ව ප්‍රාණ ඇපයට ගනී – Saru News | සිංහල

0
2

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පෙනී සිටින රාජපක්ෂ කල්ලියේ වෛද්‍යවරු කිහිප දෙනෙකු රෝගීන්ගේ ජීවිත සමඟ අවස්ථාවාදී දේශපාලනයක යෙදී සිටින බවට ජනතාවගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.

මෙරට සමස්ත වෛද්‍යවරු සංඛ්‍යාව 23,000ක් පමණ සිටින අතර, ඒ අතරින් පිරිසක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. එසේ සාමාජිකත්වය ලබා ගත් බහුතරයකගේ අදහස්වලට කිසිසේත් ඇහුන්කන් නොදෙන වර්තමාන නිලධාරීන් අත්තනෝමතික වැඩ වර්ජන දියත් කර ඇත.

එම වැඩවර්ජනවලට අනුමැතිය ලබා දී තිබෙන්නේ එම සංගමයේ සාමාජිකත්වය දරන පිරිසගෙන් 400ක් පමණ පිරිසක් බව එම සංගමයේ ම අභ්‍යන්තර තොරතුරුවලින් හෙළි වී ඇත. පටු අවස්ථාවාදී කොන්දේසි ඉදිරිපත් කරමින් ඔවුන් ගෙන යන ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාව සහ බහුජන සංවිධාන පෙළ ගැසෙමින් සිටින බව වාර්තා වේ.



1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here