කාබනික පොහොර ගෙන්වන මුවාවෙන් රුපියල් කෝටි 30කට අධික මූල්‍ය වංචාවක් සිදු කිරීමේ චෝදනා එල්ල වී ඇති මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ඊයේ (14) එම ඇප ඉල්ලීම ඔහුගේ නීතිඥයන් මගින් ඉදිරිපත් කර තිබිණි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ රසායනික පොහොර සහ යෙදවුම් ක්ෂණිකව තහනම් කිරීමෙන් පසුව, ඒ ආකාරයේ කාබනික පොහොර ජාවාරම් ගණනාවක් සිදු කර තිබිණි
මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමති ලෙස චීනයෙන් ගෙන්වන ලද අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු “කාබනික පොහොර” යැයි නම් කළ මිනිස් අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා තිබිණි. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 130කට අධික මුදලක් ගෙවනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරු කරමින් අපේක්ෂිත අයැදුම ඉදිරිපත් කර තිබේ.
Saru FM Media