රාජපක්ෂලාගේ කල්ලිය පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට මොනවාද කළේ… – Saru News | සිංහල

0
2

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ප‍්‍රහාරය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගෝටාබය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව ඔහුට බාරදෙනු ලැබීය.

එම කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා චමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ප‍්‍රසන්න රණතුංග යන එවකට සිටි කැබිනට් ඇමතිවරුන්ගෙන් සමන්විත අනුකමිටුවක් පත්කරනු ලැබීය. නමුත් එම අධ්‍යයනයේ ප‍්‍රතිඵල මොනවාදැයි හෙළිකරනු නොලැබූ අතර, එයට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ සුරේෂ් සලේ ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් නිරාවරණය වී තිබූ බව වාර්තාවේ.

මේ වනවිට උදය ගම්මන්පිල, අලිසබ්‍රි, සරත් වීරසේකර, ඇතුළු රාජපක්ෂවාදී කල්ලියක් සුරේෂ් සලේ රඳවාගෙන විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ ව්‍යාජ ප‍්‍රචාර දියත් කරමින් සිටී. චමල් රාජපක්ෂ මේ වනවිට දැඩි නිහඬතාවයක පසුවන අතර, සජිත් පේ‍්‍රමදාස මේ දක්වා සුරේෂ් සලේ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here