මාලිමා රජය බලයට පත්වන විට පැවසූ පරිදි රාජපක්ෂ පවුල විසින් විදෙස් රටවල සහ උගන්ඩාවේ සැඟවූ බවට කියන මුදල් යළි දිවයිනට රැගෙන එනතුරු තමන් ආණ්ඩුව සමග සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ ආණ්ඩුව විසින් ජනතාවගෙන් සොරකම් කරන ලද දේපොළ සියල්ල වහාම ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බවයි මන්ත්‍රීවරයා වත්මන් රජයට දැනුම්දී ඇත්තේ.
අතීතයේ දී මාලිමා රජය විසින් ජනතාවට පැවසූ පරිදි ඩුබායි හෝටලය, ලැම්බොගින් 18, අමෙරිකානු රාජපක්ෂ මාලිගාව ආදිය ගැන නිවැරදි තොරතුරු කඩිනමින් ජනතාව වෙත රජය ඉදිරිපත් කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමන් ආණ්ඩුවට සහාය ලබාදීමට එකඟ බව ද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ගමින් ගමට යමින් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මිහින්තලේ – රොටවැව ප්‍රදේශයේ පවත්වමින්.
Saru FM Media