රාජකීය ලඳුන් අතරත් ජනප්‍රිය පුංචි කොටු වලින් රටා මවන Ginham රෙද්දෙන් මැසූ ඇඳුම් විලාසිතා.

0
10


විලාසිතා ලෝකය තුල සමහර දේවල් හැම කාලේම තියනවා. පොල්කා ඩොට්, මල්, ගින්හැම් කියන්නෙත් ඒවගේ හැම කාලේම තියන රෙදි විලාසිතාවක්. අද අපි කතා කරන්න යන ගින්හැම් කියන්නෙ ඇමරිකාවේ, යුරෝපයේ තවමත් ෆැශන් ශෝ වල ජනප්‍රිය විලාසිතාවක්.

ගින්හැම් කියන්නේ කපු හෝ කපු මිශ්‍ර වර්ණ ගන්වන ලද නූල් වලින් වියන ලද රෙදි වර්ගයකි. ගින්හැම් රෙදි නිශ්පාදනයේදී සම්පූර්ණයෙන් වෙනස් වර්ණ දෙකකින් වියමින් කොටු රටාව මවයි. කලු හා සුදු; රතු හා සුදු; නිල් හා සුදු, කොළ හා සුදු යනු ගින්හැම් රෙදි අතර ප්‍රසිද්ද වර්ණ සංයෝජනයි. අඩු වියදමින් පහසුවෙන් නිශ්පාදනය කල හැකි නිසා ජයප්‍රිය රෙදි වර්ගයකි. බ්‍රිතාන්‍ය රාජකීයන්, සිනමා තරු වැනි ලෝකයේ ජනප්‍රියම අය අතර ප්‍රචලිත ගින්හැම් රෙදි වලින් නිමවන ලද විලාසිතා ස්මාර්ට් ඔබටත් ගැලපෙනවා. නිවාස අභ්‍යන්තර අලංකරණයට බහුලව පාවිච්චි කරන මේ රෙදි වර්ගය විලාසිතා වලට පාවිච්චි කරන්න පුලුවන් හැටි තමයි මේ කතා කරන්න යන්නේ.

ඔබ කැමති ඕනෑම බ්ලව්ස් එකක් ටොප් එකක් මේ රෙද්දෙන් මහන්න පුලුවන්.ඒ වගේම කැමති ලෙස අත්හදා බැලීම් කරන්නත් ඔබට අවස්තාව තියෙනවා. ඒ කියන්නේ ප්‍රමාණයෙන් වෙනස් කොටු සහිත ගින්හැම් රෙදි දෙකක් එකතු කරලා මහන්න ඔබට පුලුවන්. සැහැල්ලු රෙද්දක් වගේම සැහැල්ලු පෙනුමකුත් ලැබෙන නිසා ක්‍රොප් ටොප් වල සිට කුර්තා ටොප් දක්වාම ඔබට මේ රෙදි වලින් ගන්න තියනවා.

වයස් බේදයක් නැතුව මේ රෙද්දෙන් මහපු සායවල් ඔබට ගැලපෙනවා. ඒ නිසා ඊලඟ පාර සාප්පු සවාරියේදී මේ වර්ගෙන් එකක් ගන්නත් අමතක කරන්න එපා. ඉංග්‍රීසි ච්ත්‍රපටි නරඹන ස්මාර්ට් ඔබට මේ වර්ගයේ රැලි දාපු හැඩ සායවලින් සැරසෙන සුදු ජාතික කාන්තාවන් අමතක නැතුව ඇති. Mini skirt, straight skirt, pleated skirts, 8 panel skirt, 6 panel skirt වගේ විවිද වර්ගයේ සායවල් ඔබට මේ රෙද්දෙන් මහන්න පුලුවන්. නිමක් නැති විලාසිතා උත්සාහ කරන්න කැමති ඔබ කලු, රතු,නිල් කොටු රෙද්දක් ගන්නම ඕනි.

මුහුදු වෙරළට, නිවාඩුවක් ගත කරන්න හෝටලයකට යනකොට, ගෙදර අයත් එක්ක පික් නික් යනකොට එහෙමත් නැත්නම් සැහැල්ලුව විඳින්න ඔබ කැමති ඕනැම වෙලාවකට ඔබේ තෝරාගැනීම ගින්හැම් රෙද්දෙන් මහපු short එකක් උනොත් ඔබට අමතර සුවපහසුවක් එකතු වෙයි. ඒ වගේම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලද්දි ගින්හැම් ශෝර්ට් වලින් ඔපදාන තරුණ පෙනුම ඔබේ සැහැල්ලුවට පියාපත් එකතු කරයි. මේ වර්ගයේ ශෝර්ට් වලට උඩු කය ඇඳුම් තෝරනකොට skinny, සුදු පාට ටී ශර්ට්, යට කරන්න පුලුවන් ශර්ට්, ඉදිපසින් ගැටගහන ශර්ට් තෝරාගත්තොත් තවත් හැඩ වෙයි.

ගින්හැම් රෙද්දෙන් කරපු පෑන්ට් රාජකාරියට වගේම එදිනෙදා ගමනටත් ගැලපෙනව. ඔබේ විනෝදකාමි සැහැල්ලු පෙනුම තවත් වැඩි කරන මේ පුන්චි කොටු කලිසම් ඇඳුම් සමඟ කරන ඔබේ අත්හදා බැලීම් වලට එකතු කරගන්න. ඉරි, මල්, තනිපාට, කොටු ඕනැම ටී ශර්ට් හෝ ශර්ට් එක්ක ඔබට මේ කලිසම් ගලපන්න පුලුවන්.

යොවුන් හෝ තරුන ඔබට විශේෂයෙන් ගැලපෙන්න ගින්හැම් රෙද්දෙන් සූට් මහගන්න පුලුවන් . සම්පූර්ණ ඇඳුමම මේ රෙද්දෙන් මහන්න කෝ ක්‍රොප් ටොප්, බ්ලවුස්,පෑන්ට් ලෙස අඳින්නත් පුලුවන්. ජම්ප් සූට් අඳින්න කැමති ඔබත් මේ රෙද්දෙන් ජම්ප් සූට් ඇඳලා හැඩ බලන්නකෝ.

ඔව් ගැලපෙනවා. ඔබේ ඔෆිස් එක තදින් වෘත්තීමය ඇඳුම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් ඔබට bussiness formal , bussiness professional අඳින්න නියම කරලා නැත්නම් ඔබට ගින්හැම් රෙදි වලින් කැමති පරිදි අඳින්න පුලුවන්. මේ රෙද්දෙන් ගවුම්, බ්ලවුස්, සායවල් වගේම කලිසම් මහන නිසා ඔබට තියන තෝරාගැනීම් අවස්තා වැඩියි. ඔබට පිරිමි අය අඳින විලාසිතාවේ අත්දිග හෝ අත්කොට ශර්ට් අඳින්නත් පුලුවන්. Pair of slacks හෝ jeans සමඟ මේ ශර්ට් අඳින්න පුලුවන්. ගින්හැම් රෙද්දෙන් රාජකාරි ඇඳුම් මහනකොට කෝට් කොලර් එකට පයිපින් ඇල්ලුවොත්, තද පාට ලොකු බොත්තම් ඇල්ලුවොත් ඔබේ වෘත්තීය පෙනුම තවත් වැඩි කරයි. සමාන හෝ ප්‍රතිවිරුද්ද පාට pumps ඔබේ ගමනට අලුත් හැඩයක් එකතු කරයි. ඔබ ගින්හැම් රෙද්දෙන් ඇඳුමේ කොටසක් පමණක් තෝරන විට, ඒ කියන්නේ බ්ලව්ස් එක හෝ සාය පමනක් තෝරන කොට අනික් කොටස තනි පාටකින් තෝරාගන්න සැලකිලිමත් වෙන්න.

උදාහරණය ලෙස ගත්තොත්, කලු සුදු ගින්හැම් රෙද්දෙන් මහපු කලිසමකට සුදු බ්ලවුස් එකක් ඔබට ගලපන්න පුලුවන්.

පෙම්වතා, සැමියා, දරුවෝ සමඟ එක වගේ අඳින එකත් වර්තමානයේ අපි අතර ජනප්‍රියයිනේ. ඒකට ගැලපෙන රෙදි වර්ග අතර ඉස්සරහින්ම ගින්හැම් රෙදි ඉන්නවා. අම්මා, තාත්තා, දුව පුතා එක්ක පවුලේ චායාරූපයක් ගන්න වෙලාවට, නැත්නම් චාරිකාවක් යනකොට මේ වර්ගයේ ඇඳුම් තෝරාගත්තොත් ඔබේ පින්තූර ලස්සන වෙන අතරම ඔබව පවුලක් ලෙස කැපී පෙනෙයි. අම්මාට ගවුමක්, දුවට බ්ලවුස් එකක් තාත්තාට සහ පුතාට ශර්ට් එකක් ලෙස ගලපන්න පුලුවන්

ආභරණ ,සෙරෙප්පු හා සපත්තු තෝරද්දි විශේශයෙන්ම සැලකිලිමත් වෙන්න වෙනවා. සරල චාම් ඒවා තමයි මේ වර්ගයේ විලාසිතා සමග ගැලපෙන්නේ. නැත්නම් රෙද්දේ තිබෙන පෙනුමත් එක්ක විශාල ආභරන ඔබේ පෙනුමට හානි කරනවා වගේම ඇසටත් අපහසුයි. අත් බෑග් තෝරන විට clutches හෝ side bag තෝරාගන්න. සපත්තු, බෑග් සහ ආභරණ වල වර්ණය තෝරනකොට සම්පූරණයෙන් ප්‍රතිවිරුද්ද පාටක් හෝ එම පාටම තෝරා ගත්තොත් වඩාත් අලංකාර වෙයි. ප්‍රතිවිරුද්ද පාට ගලපන විට දීප්තිමත් රතු, කහ පාට සපත්තු සෙරෙප්පු ඇඳලා හැඩ බලන්නත් පුලුවන්.

උදාහරණ :-

මුලු ලිපිය පුරාම ගින්හැම් රෙද්දෙන් ඔබට සැහැල්ලු පෙනුමක් ලැබෙන බව අපි කතා කරානේ. ඒ පෙනුම හැඩ කරන්න ඒ රෙද්දෙ වර්ණයෙන්ම හෝ ප්‍රතිවිරුද්ද කැපී පෙනෙන වර්ණයක කොණ්ඩ කටු, කොණ්ඩ පටි පාවිච්චි කරොත් සැහැල්ලු දඟකාරි පෙනුමක් ලැබෙයි. අමතක නොකර කොණ්ඩේ මුදාහරින්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here