රහස් පොලිස් අත්අඩංගුවේ සිටින පිල්ලෙයාන්ට කතාකරන්න CID එකට දුරකතන ඇමතුම ගත්ත රනිල්ගේ ප්‍රධාන ආරක්ෂකයා කන්කසන්තුරේට මාරු කරයි!  I Sri Lanka Latest News

0
3


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලිස් ස්ථානයට මාරු කර යවනු ලැබ තිබේ.Sri Lanka Latest News

අද (01) දින සිට බලපවත්වන පරිදි පොලිස් කොමිසම විසින් මෙම මාරු කිරීම සිදුකොට තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ රාජකාරී කර ඇති අතර වසර 15ක් ඒ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කොට ඇත.

පසුගියදා පිල්ලෙයාන් CIDය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී වික්‍රමසිංහ මහතාට පිල්ලෙයාන් හට කතා කළ යුතු බව පවසමින් CIDයට දුරකතන ඇමතුමක් ගෙන තිබුණේ අශෝක ආරියවංශ මහතා විසිනි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here