රස පහයි, වැඩ ගොඩයි – ” නෙල්ලි”

0
13


නෙල්ලි අපි කවුරුත් කැමති පළතුරක්. රස පහක් ඇති නෙල්ලි ගෙඩිය බොහෝ ගුණ ඇති පළතුරක්. ලස්සන වෙන්නත් සමහර රෝග පාලනයටත් නෙල්ලි ක්‍රියා කරන්නේ මෙහෙමය

නෙල්ලි, අරළු, බුළු සහ කී කිරිඳිය යුෂ එකට මිශ්‍ර හිසේ ගැල්වීම මඟින් හිස කෙස් වැටීම පාලනය කර ගන්න පුළුවන්.

අමු නෙල්ලි තැම්බූ ජලයෙන් හිස සෝදන්න. පසුව ෂැම්පු භාවිතා නොකර, ඇල් ජලයෙන් නැවත හිස සෝදා ගන්න.

නෙල්ලි, කෝමාරිකා, උළුහාල් සහ දෙහි ගැට තම්බා ගත් ජලයෙන් හිස සේදීමත් විසඳුමක්.

නෙල්ලි ගෙඩි කිහිපයක් අරගෙන කැබලි කර, අවුවේ වියලා පොල් තෙල් සමඟ රත් කරන්න. මෙය දිනපතා ගා හොඳින් හිස සම්භාහනය කරන්න

අකලට සුදු වූ කෙස් නැවත කළු කර ගැනීම සඳහා ඩයි වර්ගයක් සකසා ගන්නත් නෙල්ලි භාවිතා කරනවා. නෙල්ලි ගෙඩි කිහිපයකුත්, අරළු ගෙඩිත්, බුළු ගෙඩි භාගයකුත්, අඹ ඇට මද කිහිපයක් ද එකට අඹරා එක් රැයක් වසා තබන්න. පසු දින හිස කෙස් වල ආලේප කරන්න. රසායනික වර්ණක වල මෙන් විෂ, මෙම වර්ණකයේ අඩංගු නොවීම මෙහි ඇති ප්‍රධානතම වාසියයි.

 

4. හිස කෙස් වලට පෝෂණය ලබා ගැනීම.

හිස කෙස් වලට පෝෂණය ලබා ගැනීම සඳහා නෙල්ලි භාවිතා කරමින් හොඳ තෙල් වර්ගයක් සකසා ගන්නත් පුළුවන්. පිරිසිඳු පොල් තෙල් බෝතල් භාගයකට නෙල්ලි, ගොටුකොළ, මුකුණුවැන්න ආදිය දමා රත් කර ගැනීමෙන් මේ ඖෂධීය තෙල් වර්ගය සකසා ගන්න පුළුවන්.

සුන්දර දෑසක් තියෙනකොට මුහුණක් ගොඩක් ලස්සනයි. ඒත් සමහරුන්ගේ ඇස් විවිධ හේතු නිසා රතු වෙනවා. මේ ඇස් රතු වීම සඳහා නෙල්ලි සහ මුං ඇට තම්බා පානය කරන්න.

දත් රෝග සහ විදුරු මස් ආශ්‍රිත රෝග සුව කර ගැනීම සඳහා නෙල්ලි තැම්බූ වතුරින් කට සෝදන්න.දත් මුල් වලින් ලේ ගැලීම වැලැක්වීමට නෙල්ලි ආහාරයට ගන්න.

චර්ම රෝග සුව කර ගැනීමට හා නිරෝගී සමක් හිමි කර ගැනීම සඳහා නෙල්ලි සහ කොහොඹ පොතු වේලා, කුඩු කර ආලේප කරන්න.
සමේ දහඩිය බිබිලි සහ කැසීම් ඇති විට නෙල්ලි, නෙල්ලි කොළ, නිදි කුම්බා කොළ සහ බේත් අනෝදා කොළ තැම්බූ වතුරෙන් ඇඟ සෝදන්න.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here