රස නහර පිනා යන ලංකාවෙ මගතොට දකින Street Food 6යක්

0
13


ඔයා කොළඹ රටේ කාලයක් ජීවත් වුනු කෙනෙක්නම් ඔයා මග තොට යනෙනකොට දකින්න ලැබෙන කෑම ජාති ටිකක් ගැන‍යි මේ කතාව. කෙළ උනන කතාවක් නිසා කටට රසට ලඟින් මොනවහරි තියාගෙනම මේ කතාව කියෙවුවනං වටිනවා. පිට රට නං ජන්ක් ෆුඩ් විදියට බර්ගර්, හොට් ඩෝග්, පීසා වගේම චීස් කේක් වගේ දෙයක් වුනත් පාරෙ දාගෙන කටට රසට ඒත් ඇඟට ටිකක් අගුණට විකුණුවත් මේ කතාව ලංකාවෙ මහපාරක දකින්න ලැබෙන දේ ගැනයි.

 

1. ඉස්සො වඩේ

Junk Food in SriLanka

Source – lavishtreatsblogspot.com

වඩේ කරත්ත මග දිගට ඕසෙට තිබුණත් ඒවයෙ තියෙන දේවල් අතරෙ මේ වඩේ වර්ග තුන අතිශය විශේෂයි. ලස්සනට පෙළගස්වපු ඉස්සො තුන දෙනෙක් ඇලුවුන රතු පාට ෆ්ලැට් වඩේ එක උඩට දැවිල්ල සෝස් දාලා, පොඩියට කපපු කැරට් සහ ළූණු ටිකක් දාලා දුන්නම දිවට දැනෙන රස කීබෝඩ්වලින් ටයිප් කරන්න බැහැ මහත්තයො.

 

2. පළපු උළුඳු ව‍ඩේ

Junk Food in SriLanka

Source – naliskitchen.com

උළුඳු වඩේ කියල කියන ජාති කිහිපයක්ම ලංකාවෙ තියෙනවා. ඉන් එකක් තමයි අතිප්‍රසිද්ධ සයිවර් කඩේ උළුඳු වඩේ එක. ඊලඟට තියෙනවා මග තියෙන මගනැගුම ලොරිවල තියෙන උළුඳු වඩේ හැඩයට හදපු කිසිම උඳු රහක් එන්නැති පාන්පිටි වඩේ. එවුව කන්න තියෙන්නෙත් ලුණු මිරිස්. ඊලඟට තියෙනව පුංචි කරත්තවල අඩුක් කරපු පුංචි උළුඳු වඩේ. එවුව පලලා රසම රස සම්බෝල පේස්ට් එකක් ගාලා දෙන්නෙ. කොච්චර කෑවත් හිතට මදියි. කටට සැරයි. ප්ලේන්ටියක් තිබ්බනං පංකාදු පහයි!

 

3. ටේස් රොටි

Junk Food in SriLanka

Source – easybitesonline.com

රොටියක් තියෙනවා. යීස්ට් රොටියක්. අතට දෙන්නෙ දෙකට නවලා වුනාට හදන්න ගන්නෙ දිගෑරුනු රොටියක්. මුලින්ම රොටිය රත් කරනවා. ඊට පස්සෙ ලොකු හැන්දකින් දැවිල්ල හොද්දක් අරගෙන රොටියෙ ගානව ලස්සනට. ඒ හොද්දෙ අමු මිරිස් කෑලි පිරිලා. ඒක රතු හොද්දක් වුණාට කිසිසේත්ම තක්කාලි වගේ නොවන දැවිල්ල දෙයක් එතන තියෙන වග පේනවා. ඒකට උඩින් දානව සුපරුදු කැරට් ළූණු මිශ්‍රණය. ඊටපස්සෙයි රොටිය දෙකට නමන්නෙ. දිව්‍ය ලෝකෙ රස.

 

4. බොම්බයි මොටයි

Junk Food in SriLanka

Source – maathalan.blogspot.com/thegazelle.org

දැන් ඉතිං කැන්ඩි ෆ්ලොස් කියල නවීන පන්නෙට කෝට්ටෙ ගහල දුන්නට මහත්තයො ඉස්සර අපි පොඩි කාලෙ නයිස් කෑලි දෙක මැද්දට තියලා සුදු රැවුල් අහුරක් තමයි දුන්නෙ. පැණි රහ බේරෙන පුදුම රසක් තිබ්බ මේ කෑම ජාතිය බෙදුවෙ බෙල් එක ගගහ එන සීයා කෙනෙක්. දැන් අය මේවා කාලා ෆේස්බුක් දාන්න තරං මේක සුපීරියර් වුනාට මේක අපි ඉස්සර වේල් තුනටම කාපු අමතර කෑමක්. බොම්බයි මොටයි නොවිඳි දිවක් මක්කටෙයි කියල තමයි අපිට කියන්න වෙන්නෙ.

 

5. අච්චාරු

Junk Food in SriLanka

Source – yamu.lk

ඔන්න අනිත් කතාව. දිවුල්, අමුම අමු අඹ, ඉදුනු අඹ අච්චාරු, ලොවි, නෙල්ලි, අන්නාසි, තම්බලා ගම්මිරිස් දාපු වෙරළු, වෙරළු අච්චාරු, අඹරැල්ලා වගේ දේවල් පුරෝගත්තු පුංචි ටෙන්ට් කඩ මග තොට තියෙද්දි ඒව පාස් කරලා යන්න මේ කකුල් ඉඩ දෙන්නෙ නෑ. සමහර තැන්වල මේ ඔක්කොම එකට දාලා පුංචි යෝගට් හැන්දක් එක්ක රුපියල් දෙසීයටත් දෙනවා.

 

6. බිත්තර රොටි හොද්ද

Junk Food in SriLanka

Source – yamu.lk

ඒ මොහොතෙ දාන උණු උණු බිත්තර රොටි කපන්නෙ පිහියකින් අල්ලලා තවත් පිහියකින්. ඒ තරමට රස්නෙයි. ඒ රස්නෙ පිට කපන බිත්තර රොටි තුනක් විතර උඩට සැරට හොද්දක් වක්කරලා කෙලින්ම පිඟාන අතට දෙන්නෙ ප්ලේනිටයක් ගහන ගමන් හිටගෙන කන්න.රොටිය පුරාම පැතිරිච්ච බිත්තර එකක් නියම ක්‍රන්චි සහ මොයිස්ට් ටෙක්ස්චර් එකක් කටට හැපෙන්න මේ බිත්තර රොට් හදලා තියෙනවා.

 

7. කකුළුවො/කූනිස්සො වඩේ

Junk Food in SriLanka

Source – linkdin.com

ඉස්සො වඩේවලට අමතරව තියෙන දෙයක් තමයි කූනිස්සො පිරිච්ච කූනිස්සො වඩේ එක. ඒකටත් අර කියපු ටේස් හොද්ද ගාලා කැරට් ළූණු සංයුතිය දාලයි දෙන්නෙ. ඒ වගේම ආසා හිතෙන දෙයක් තමයි දෙහි චුට්ටකුත් උඩින් ඉහලා දෙන කකුළු වඩේ එක. කකුළුවාගෙ කටු සූප්පු කර කර ගෙවෙන මුහුදු හුලං පිරි හැන්දෑවක් ගැන හිතලා බලන්න මහත්තයො. ආයෙ ඉතිං හොදි ඕන නෑ.

 
Cover Image Source – pluse.lk / yamu.lk / mattvslife.com
 

The post රස නහර පිනා යන ලංකාවෙ මගතොට දකින Street Food 6යක් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here