රස්නේ එක්ක ෆයිට් කරමු..

0
9


මේ දවස්වල රට පුරාම තියෙන්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. දරා ගත නොහැකි තරම් ඉහළ උෂ්නත්වය එක්ක ෆයිට් කරන්න අපිට සිද්ධ වෙලා.කොහොමද මේ වැඩේ අපි කරන්නේ?

මේ අය ගැන පරිස්සම් වෙන්න.

1. ළදරුවන් හා කුඩා දරුවන්
2. මහළු අය
3. සිරුර මහත අය.
4. කය වෙහෙසා රැකියා කරන්නන් හා ක්‍රීඩකයන්
5. හෘද රෝග, අධි රුධිර පීඩනය ඇති අය

දැඩි උණුසුමට මුහුණ දෙන්න මේ දේවල් කරමු.

1. ලා පැහැති කපු ඇඳුම් ඇඳීම.
2. අව්වේ ගමන් කරන විට තොප්පියක් හෝ කුඩයක්, ප්‍රමිතියක් ඇති අව් කණ්නාඩි භාවිතය.
3. Sun cream (SPF අගය 30 ට වැඩි) භාවිතා කිරීම.
4. දවල් කාලයේ එළිමහනේ සිටින විට ඇඟ වැසෙන ඇඳුම් ඇඳීම.
5. දිනපතා ස්නානය කිරීම සහ දිනකට කිහිප වතාවක් ඇඟ සේදීම.
6. නිදා ගැනීමේදී ජල භාජනයක් විදුලි පංකාව අසලින් තැබීම.

 

ඒ වගේම මේ කාලයේදී ජලය සහ සුදුසු පාන වර්ග වැඩියෙන් ලබා ගන්න.

1. පානය කරද්දී වැඩි ජල ප්‍රමාණයක් පානය කරන්න.
2. මුත්‍රා කරන වාරයක් පාසාම වතුර බොන්න.
3. අධික පැණිරස බීම සහ කෘත්‍රිම පාන වර්ගවලින් වැළකීම.
4. වැඩිපුර දහඩිය දමන වෙලාවට තැඹිලි වැනි ස්වභාවික බීමක් පානය කරන්න

ඒවගේම දහඩිය බිබිලි ආදියෙන් ආරක්ෂා වෙන්න.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here