සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවට ධ්‍රැවාසන්න රටවල වගේ සෘතුමය බලපෑම අඩුයි. වසර පුරා පවතින උණුසුම් කාලගුණය අවුරුද්දේ මැද භාගයේ කිට්ටු වෙනකොට තවත් වැඩි වෙන බව අපි අත්දැකීමෙන් ම දන්නවා. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්නෙ උෂ්ණත්වය වැඩි මේ කාලයේ ඔබට ගැලපෙන පහසු ඇඳුම් තෝරාගන්න ආකාරයි.
ඔබ වඩාත් ප්‍රියකරන ගවුම් විලාසිතා වලට ඉඩ දෙන්න පුළුවන් කාලයක් තමයි මේ. ඔබේ සුවපහසු
අවස්ථාව අනුව අඳින්න පුළුවන්.
ඔබේ ප්‍රියතම ඩෙනිම් විලාසිතාවටත් තාවකාලිකව මේ දවස්වල සමු දුන්නොත් ඔබ පහඩු වේවි. ඒ වෙනුවට සැහැල්ලු කපු හෝ ලිනන් කලිසම් අඳින්න පුළුවන්. තවමත් ඔබ ඩෙනිම් වලට ප්‍රිය කරනවා නම් wide leg jeans ඔබට පහසු වේවි
ඇඳුම තුලින් හොඳ වායු සංසරණයක් බලාපොරොත්තු වෙන නිසා අත් කොට කොට්ට අත් රහිත හෝ පටි සහිත ඇඳුම් අපට තෝරා ගන්න පුළුවන්. ඒ වගේම off shoulder, Puff sleeve කියන්නෙත් මේ කාලෙට වඩාත් ගැළපෙන විලාසිතා.
උෂ්ණත්වයේ වැඩි කාලෙට ඇඟට හිර ඇඳුම් වලින් ඈත් වෙන එක තමයි හොඳ . ඒ වෙනුවට.
තෝරාගන්න. බොත්තම් විවෘත කරන් පුළුවන් ඇඳුම් තෝරා ගන්න අමතක කරන්න එපා.
ඔබ beach look එකක්එහෙමත් නැතනම් යන විනෝද ගමනකට සැරසෙනවා නම් ඔවට flip flops තෝරා ගන්න පුළුවන් . සාමාන්‍ය ගමනකට හෝ වැදගත් ගමනකට ලෙදර් පාවහන් විලාසිතා තමයි ගැලපෙන්නෙ .මේවගෙන් ඔබට සුවපහසුව වගේම හැඩකාර පෙනුමකුත් ගෙන දෙනවා
ආභරණ භාවිතය දී නම් පරිස්සම් වෙන්න ඕනේ .මොකද ඉතා විශාල ආභරණ භාවිතය මගින් ඇඟට අමතර අමතර උණුසුමක් එකතු කරන නිසා . දහඩිය අධික මේ කාලේ විශාල මාල වළලු වගේ දේවල් ඔබට අමතර කරදරයක් වේවි . ඒ නිසා කුඩා ආභරණ හෝ hoop ear rings වැනි සැහැල්ලු ආභරණ භාවිතා කරන්න
හොඳ වායු මාරුවක් සහිත රෙදි තමයි මේ කාලයට ගැලපෙන්නෙ. තෙතමනය රඳවාගන්නා Synthetic එහෙමත් නැත්නම් කෘතීම රෙදි වර්ග මේ කාලයට ගැලපෙන්නේ නැහැ . 100%ක් ලිනන්, කපු හෝ සිල්ක් තමයි summer එකට ගැලපෙන රෙදි වර්ග වෙන්නේ.
හිරුඑලිය අඩුවෙන් අවශෝෂනය කරන සුදු වර්ණය හෝ ලා පැහැ වර්ණ තමයි වඩාත් ගැලපෙන්නේ. කලු වර්ණය මගින් ඉර එළිට අවශෝෂණය කිරීමේ වැඩි කරන නිසා ඔබට අපහසු කම් දැනේවි .
දීප්තිමත් හිරු එළිය තියෙන මේ කාලයේ විලාසිතාවලට ප්‍රිය කරන ඔබට විලාසිතා රැල්ලේ මේ දවස්වල් තියෙන පාට ගැනත් මතක් කරන්න කැමතියි .
රතු, blush pink, burnt orange, yellow ,blue වර්ණ ඇඳුම් කීපයක් ඔබේ summer look එක තවත් හැඩ කරයි
Saru FM Media