රසවත් මාළු ඇඹුල්තියල්

0
12


කටට රසට  මාළු ඇඹුල්තියල් ටිකක් එක්ක බත් වේලක් කන්න බොහෝ දෙනෙක් ආසයි. ඒ නිසාම නිවැරදි පහේ පදමට එක් කරල මාළු ඇඹුල්තියල් සකස් කරන ආකාරය අපි අද බලමු…

අවශ්‍ය ද්‍රව්‍ය

  • තලපත් හෝ වෙනත් ලොකු මාළු ග‍්‍රෑම් 500 ක්
  • ගොරකා මේස හැදි 2 යි
  • ගම්මිරිස් මේස හැදි 3 යි
  • අඹරාගත්  සුදුළුණු මේස හැදි 2 යි
  • අඹරාගත්  ඉගුරු තේ හැදි 2 යි
  • අඹරාගත්  කරපිංචා තේ හැදි 2 යි
  • අඹරාගත්  අමු මිරිස් තේ හැදි 2 යි
  • කරදමුංගු කුඩු තේ හැදි 1/4 යි
  • ලූණු මේස හැදි 2 යි
  • වතුර මි.ලී. 250

පිළියෙල කරන ආකාරය

  1. මුලින්ම ගොරකා, ගම්මිරිස්, අඹරාගත්  අමු මිරිස්, කරපිංචා  කුරුදු පොතු  එකට දමා හොදින් කවලමි කර ගන්න,
  2. දැන් ඉගුරු, සුදුළුණු එකට අනා ගන්න. දැන් නැවත අනා එයට ලුණු දමා ගන්න.
  3. ඉන්පසු මාළු කැබලි එම මිශ‍්‍රණයේ දවටමින් එකින් එක මැටි හට්ටියේ අතුරා ගන්න. එයට වතුර එක්කර ගන්න.
  4. දැන් එය ලිප මත තබා වතුර හිදෙන තුරු මද ගින්නේ හොදින් පිස ගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here