රසවත් පොලොස් ඇඹුලක් හදමු.

0
11


තරුණ බිරින්දෑවරුන්ට තියන ලොකු ගැටළුවක්, ඉස්සර අම්මා ගෙදර උයපු විදිහට කටට රසට පො‍ලොස් මාළුවක් පිස ගන්නේ කොහොමද කියල..මේ නිසා, වැඩි මහන්සියක් නැතිව පහසුවෙන් කටට රසට පොලොස් මාළුවක් පිලියෙල කර ගන්න ආකාරය අද අපි කතා කරනවා.අපේ සිංහල තාලේ ආහාර කටට රසට උයන්න  අපේ වෙබ් අඩවියෙන් ඉගෙන ගන්න ඔයාලට පුළුවන්. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොලොස් ග‍්‍රෑම් 350 ක්
  • තක්කාලි ගෙඩි 1 ක්
  • ගොරකා කැබලි 3 ක්
  • කහ කුඩු තේ හැදි 1/4 ක්
  • අමු තුනපහ මේස හැදි 1 ක්
  • බැදපු තුනපහ මේස හැදි 2 ක්
  • මිරිස් කුඩු මේස හැදි 1 1/2 ක්
  • අඹරාගත් සුදුළුණු මේස හැදි 2 ක්
  • අඹරාගත් ඉගුරු තේ හැදි 1 ක්
  • පොල් කිරි කෝප්ප 1 1/2 ක්
  • රතු ළුණු ගෙඩි 10 ක්
  • අමු මිරිස් කරල් 1 ක්
  • කරපිංචා කිනිත්තක්
  • රම්පේ කැබලි 2 ක්
  • කරදමුංගු 5 ක්
  • උම්බලකඩ මේස හැදි 1 ක්
  • ලූණු මේස හැදි 1 ක්

පිළියෙල කරන ආකාරය

  1. මුලින්ම තෙල් ස්වල්පයක්  භාජනයකට රත් විමට දමා එයට රතු ළුණු, අමු මිරිස්, කරපිංචා, රමිපේ, ඉගුරු, කරදමුංගු, කුරුදු, උම්බලකඩ, සුදු ළුණු සහ තක්කාලි දමා තෙමිපරාදු කර ගන්න.
  2. දැන් එයට කපාගත් පොලොස් එකතු කරගෙන හොදින් මිශ‍්‍ර කරගන්න.
  3. මෙයට මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු,  අමු තුනපහ කුඩු, ගොරකා, කහ කුඩු  සහ ලූණු කුඩු දමා කලවම් කරගෙන වතුර එකතු කරගන්න.
  4. දැන් පියනකින් වසා පොළොස් කැබලි මෙලෙක් වනතුරු තම්බා ගන්න. පොලොස් හොදින් තැමිබුණු පසු එයට පොල් කිරි දමා හිදෙන තුරු මිනිත්තු 10 ක් පමණ පිසගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here