රසවත් අරාබි කෑමක රස බලමු

0
11


හමුස්‌

හමුස් කියන්නේ නිරෝගී සුවය ලැබෙන කෑමක් මෙන්ම සාම්ප්‍රදායික කෑමක්. මේ ආහාරය පාන් මෙන්ම රොටී කෑමට වඩාත් සුදුසු වනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බාගත් කඩල ග්‍රෑම් 300
  • සුදු ළුණු බික් 2
  • දෙහි යුෂ මේස හැඳි 1
  • අඹරාගත් සූදුරු මේස හැඳි 2
  • පැප්රිකා මිරිස් කුඩු තේ හැඳි 2
  • ඔලිව් තෙල් මේස හැඳි 2
  • ගම්මිරිස් අවශ්‍ය තරමට
  • ටහිනි පේස්ට්

සාදන ක්‍රමය:

තම්බා ගත් කඩල පොතු ඉවත් කරන්න. පොතු ඉවත් කරගත් කඩල බ්ලෙන්ඩරයට දමන්න. එයට ඔලිව් ඔයිල් දමා දෙහි යුෂ, ටහිනි පේස්ට්, ගම්මිරිස් දමා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා, ඔලිව් තෙල් දමා බ්ලෙන්ඩ් කරන්න. මෙය පේස්ට් ආකාරයට දීසියකට දමා පැප්රිකා මිරිස් කුඩු උඩින් ඉසින්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here