රසම රස පැස්ටා කොත්තු

0
15


කොත්තු කන්න හිතුනම මතක් වෙන්නෙම කඩෙන් ගන්න ඕනා කියලනේඒත් පිටින් මිලදී නොගෙන රසම රස කොත්තුවකින් ඔබේ පවුලේ අයට සංග්‍රහ කිරීම කොහොම අත්දැකීමක් වෙයිදඉතින් ඉක්මනින්ම ඒ අත්දැකීම විඳ ගන්නටයි මේ අවස්තාව …

පැස්ටා කොත්තු සැදීමට අවශ්‍ය දේ:

  • තම්බාගත් පැස්ටා ග්‍රෑම් 500 <මඳක් හැපෙන මට්ටමට >
  • ගල් මාළුඉස්සන්දැල්ලන් ග්‍රෑම් 500 <තරමක කැබලි කපාගත් >
  • එළවලු තෙල්
  • ලොකු ළුණු <සිහින්ව කපාගත් >
  • ඉඟුරුසුදු ළුණු <කුඩාවට කපාගත් >
  • රම්පෙකරපිංචා ස්වල්පය බැගින්
  • ගෝවාකැරට්, මාළු මිරිස් සහ ලීක්ස් <දිග අත‍ට සිහින්ව කපාගත් >ග්‍රෑම් 400
  • බිත්තර 7, 8
  • කෑලි මිරිස් කුඩු මේස හැඳි 2
  • කහ කුඩු සහ තුනපහ කුඩු ස්වල්පය බැගින්
  • ලුණු සහ ගම්මිරිස් කුඩු
  • තක්කාලි <කුඩාවට කපාගත් ග්‍රෑම් 100
  • අමු මිරිස් <කුඩාවට කපාගත් කරල් 2, 3

සාදන ආකාරය :

රත්වූ වතුර බඳුනකට තෙල් සහ ලුණු ටිකක් එක්කර පැස්ටා තම්බා ගන්න .කපාගත් මාළු සියල්ලම හොඳින් සෝදා ගෙන පෙරාගෙන එයට ලුණු ගම්මිරිස්කහ කුඩුසහ තුනපහ කුඩු ස්වල්පය බැගින් දමාගෙන හොඳින් අතගාගෙන එය ගැඹුරු තෙලේ ක්‍රිස්පී ලෙස බැද ගන්න.

දැන් බඳුනකට තෙල් මේස හැඳි 4, 5 පමණ දමා ගෙන එය රත්වන විට ලොකු ළුණුඉඟුරුසුදු ළුණුසමග රම්පෙ කරපිංචා දමා හොඳින් තෙම්පරාදු වන අතරම මෙයට අමුමිරිස් සමග කපාගත් එළවලු සියල්ල දමා තවදුරටත් තෙම්පරාදු කරන්නඊළඟට බිත්තර ටිකද දමා තවත් ස්වල්ප වේලාවක් පිසගෙන එයටම ස්පයිසස් ටික සමග ලුණුගම්මිරිස්අවශ්‍ය පමණට දමාගෙන තක්කාලි ටිකද කලවම් කරන්න.

ඊට පසු තම්බාගත් පැස්ටා ටික එක්කර පත්තකින් කොටා ගනිමින් හොඳින් මිශ්‍ර කරන්නසියල්ල හොඳින් මිශ්‍ර වූ පසු රස බලා උණුසුම්ව කෑමට පිළිගන්වන්න.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here