කවුරුත් ආසාවෙන් කන පැස්ටා වලට චීස් එකතු උනාම එන්න මොන තරම් රසයක්ද.. ඕන්න අද අපි මේ කම්බිනේශන් එකත් එක්ක රසම රස රෙසිපි ටිකක් ගෙනල්ලා තියනවා. ඔයාලට රස කර කර කන්න පුලුවන්…
1. Italian Mac & Cheese
අවශ්‍ය ද්‍රව්‍ය :-
පැස්ටා ග්‍රෑම් 300
ඉටලියන් සොසේජස් ග්‍රෑම්200
චොප්කරගත් ගාලික් බික් 3
චොප්කරගත් ළූණු ස්වල්පයක්
චොප්කරගත් බෙල්පෙපර් ස්‍වල්පයක්
චිකන් බ්‍රොත් කෝප්ප 1
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්
ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1/2
ඔලිව්තෙල් ස්වල්පයක්
ටොමැටෝ පේස්ට් කෝප්ප 1
පෑන් එකට තෙල් ටිකක් දාලා සොසේජස් ටික දාගන්න. ඒ ටික කුක් උනාම චොප්කරගත් ළූණු හා සුදුළූණු ටික දාගන්න. මේකට චොප්කරගත් බෙල්පෙපර් ටික දාලා කලවම් කරගන්න. ඊලඟට මේකට පැස්ටා ටික දාලා කලවම් කරගන්න. ඊලඟට ටොමැටො පේස්ට් ටික දාලා චිකන් බ්‍රොත් එක දාලා තැම්බෙන්න තියන්න. විනාඩි 20ක් වගේ තැම්බෙන්න තියලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ඊලඟට ෆ්‍රෙශ් ක්‍රීම් ටික දාලා මොසරැල්ලා චීස් ටික දාගන්න. ලිපෙන් බාන්න කිට්ටුව චොප්කරගත් පාස්ලි ටික දාලා ලිපෙන් බාගන්න.
2. Cheesy Chicken Alfredo Pasta Bake
අවශ්‍ය ද්‍රව්‍ය :-
පැස්ටා ග්‍රෑම් 300
කපාගත් චිකන් ග්‍රෑම් 200
ඔලිව්තෙල් ස්වල්පයක්
ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක්
චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
චිකන් බ්‍රොත් කෝප්ප 2 1/2
හෙවික්‍රීම් කෝප්ප 2 1/2
පාමසාන් චීස් කෝප්ප 1 1/2
මොසරැල්ලා චීස් කෝප්ප 2
පෑන් එකට තෙල් ටිකක් දාලා චිකන් ටික දාගන්න. මේකට ලුණු හා ගම්මිරිස්කුඩු ටික දාගන්න. මේකට චොප්කරගත් සුදුළූණු ටිකදාගන්න. චිකන් ටික ෆ්‍රයි උනාම චිකන් බ්‍රොත් එක දාගන්න. ටිකකින් හෙවි ක්‍රීම් ටිකත් දාලා පැස්ටා ටික දාලා වහලා විනාඩි 20ක් තම්බගන්න.ඊලඟට මේකට පාමසාන් චීස් ටික දාලා කලවම් කරගන්න. චීස් මෙල්ට් උනාම ලිපෙන් බාගන්න. පයිරෙක්ස් ග්ලාස් ට්‍රේ එකකට මේකෙන් ටිකක් දාලා උඩින් මොසරැල්ලා චීස් අතුරගන්න. ඊලඟට තව පැස්ටා ලේයර් එකක් දාලා මොසරැල්ලා චීස් දාලා උඩින් පාමසාන් චීස් ටික දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් බේක් කරගන්න.
3. One Pot Creamy Mushroom and Chicken Pasta
අවශ්‍ය ද්‍රව්‍ය :-
පැස්ටා ග්‍රෑම් 500
ඔලිව්තෙල් ස්වල්පයක්
කපාගත් චිකන් ග්‍රෑම් 200
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් ළූණු ගෙඩි 1
කපාගත් මශෲම් ස්වල්පයක්
චොප්කරගත් ගාලික් බික් 3
ඔරිගානෝ ස්වල්පයක්
මිරිස්කුඩු තේහැඳි 1
චිකන් බ්‍රොත් කෝප්ප 4
හෙවි ක්‍රීම් කෝප්ප 1
බේබි ස්පිනිච් කෝප්ප 1
පාමසාන් චීස් කෝප්ප 1
පෑන් එකට තෙල් ටිකක් දාලා චිකන් ටික දාලා ෆ්‍රයි කරගන්න. මේකට ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. චිකන් ටික ෆ්‍රයි උනාම ඒ ටික අයින් කරලා පෑන් එකට තව තෙල් ටිකක් දාගන්න. මේකට චොප්කරගත් ළූණු ටික දාගන්න. මශෲම් ටිකත් දාගන්න. ඔරිගානෝ හා මිරිස්කුඩු ටික දාගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු ටිකත් එකතු කරගන්න. චික්න් බ්‍රොත් එක දාගන්න. ටිකකින් හෙවි ක්‍රීම් ටිකත් දාගන්න. උතුරනකොට පැස්ටා ටික දාලා වහලා තැම්බෙන්න තියන්න. මේකට බේබි ස්පිනිච් ටිකත් දාගන්න. දැන් ෆ්‍රයි කරගත් චිකන් ටිකත් දාලා කලවම් කරගන්න. ඊලඟට පාමසාන් චීස් ටික දාගන්න. කලවම් කරලා ලිපෙන් බාගන්න.
4. One Pot Chicken Bacon and Goat Cheese Pasta
අවශ්‍ය ද්‍රව්‍ය :-
පැස්ටා ග්‍රෑම් 400
චිකන් බ්‍රොත් කෝප්ප 5
බේකන් ග්‍රෑම් 100
චිකන් තයි ග්‍රෑම් 200
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් ළූණු ගෙඩි 1
ඇස්පරාගස් කෝප්ප 1/2
චොප්කරගත් ගාලික් බික් 4
කිරි කෝප්ප 2
ඔලිව්තෙල් ස්වල්පයක්
භාජනයක් ලිපේ තියලා ඔලිව්තෙල් ටිකක් දාගන්න. මේකට බේකන් ටික දාලා ෆ්‍රයි කරගන්න. ඒ ටික අයින් කරලා ඒ භාජනයට චිකන් තයි ටික දාගන්න. ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න. දැන් ඒ ටික අයින් කරලා චොප්කරගත් ළූණු ටික දාගන්න. මේකටම ඇස්පරාගස්, ගාලික්, ලුණු හා ගම්මිරිස්කුඩු ඉසගන්න. ඒ ටික හොඳට තැම්බුනාම ලිපෙන් බාගන්න. දැන් මේකට පැස්ටා ටික දාලා චිකන් බ්‍රොත් එක දාගන්න. විනාඩි 10ක් තැම්බෙන්න තියලා කිරි ටික දාගන්න. තවත් විනාඩි 8ක් තැම්බෙන්න තියන්න දැන් මේකට ගෝට්චීස් ටිකදාලා වෙන වෙනම ෆ්‍රයි කරගත් සියල්ලම දාගන්න. දැන් කලවම් කරලා ලිපෙන් බාගන්න.
5. Cheesy Swedish Meatball Pasta
අවශ්‍ය ද්‍රව්‍ය :-
මීට්බෝල්ස් වලට-
බිස්කට් කුඩු ග්‍රෑම් 100
කිරි කෝප්ප 1/2
බටර් මේසහැඳි 1
බීට්කරගත් බිත්තර 1
චොප්කරගත් ළූණු ගෙඩි 1/2
චොප්කරගත් ගාලික් බික් 2
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
ලුණු හා ගම්මිරිස්කුඩු අඹරාගත් පෝක් ග්‍රෑම් 200
අඹරාගත් බීෆ් ග්‍රෑම් 200
පැස්ටා එකට-
තම්බාගත් පැස්ටා ග්‍රෑම් 200
ලියාගත් ළූණු ගෙඩි 1
බටර් ග්‍රෑම් 50
පාන්පිටි ග්‍රෑම් 50
බීෆ් ස්ටොක් කෝප්ප 2
ඩබල් ක්‍රීම් කෝප්ප 1
අබ පේස්ට් මේසහැඳි 1
ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1
පාමසාන් චීස් කෝප්ප 1/2
බෝල් එකකට බිස්කට් කුඩු දාලා කිරි, බටර්, බිත්තර හා අනික් සියල්ලම දාලා කලවම් කරලා බෝල හදාගන්න. පෑන් එකට තෙල්ටිකක් දාලා මීට්බෝල්ස් ටික දාලා බැදගන්න. ඒ ටික අයින් කරලා මේකට ලියාගත් ළූණු ටික එකතු කරන්න. ළූණු ටික ෆ්‍රයි උනාම බටර් ටික දාගන්න. පාන්පිටි ටිකත් එකතු කරන්න. බීෆ් ස්ටොක් එක දාගන්න. ඩබල් ක්‍රීම් ටික දාගන්න. අබ පේස්ට් ටික එකතුකරගන්න. රස අනුව ලුණු දාගන්න. ටිකකින් මීට්බෝල්ස් ටික දාගන්න. කලවම් කරලා චීස් ටික දාගන්න. ටිකකින් තම්බාගත් පැස්ටා ටික දාලා කලවම් කරගන්න. විනාඩි 5කින් විතර ලිපෙන් බාගන්න. බේකින් ට්‍රේ එකකට දාලා මොසරැල්ලා චීස් ලේයර් එකක් දාගන්න. ඊලඟට ඉතුරු පැස්ටා ටික දාලා උඩින් පාමසාන් චීස් ටික දාලා විනාඩි 10ක් බේක් කරගන්න.
6. Creamy Lemon Egg pasta
අවශ්‍ය ද්‍රව්‍ය ;-
තම්බාගත් පෙනේ පාස්ටා ග්‍රෑම් 300
තම්බාගත් බිත්තර 6
තම්බාගත් මැකරෝනි ග්‍රෑම් 300
චොප්කරගත් ළූණු ගෙඩි 1
චොප්කරගත් සුදුළූණු බික් 2
චොප්කරගත් බෙල්පෙපර් ගෙඩි 1/2
බටර් ස්වල්පයක්
ලෙමන් යුෂ මේසහැඳි 2
ග්‍රේට්කරගත් ලෙමන් පොතු මේසහැඳි 1
චිකන් ස්ටොක් කෝප්ප 1
පාමසාන් චීස් කෝප්ප 1/2
චෙඩාර් චීස් කෝප්ප 1
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
පෑන් එකක් ලිපෙ තියලා බටර් ටික දාගන්න. ටිකකින් චොප්කරගත් ළූණු හා සුදුළූණු ටික දාලා ෆ්‍රයි වෙනකොට ලෙමන් ටිකදාගන්න. ලෙමන් සෙට්ස් ටිකත් දාගන්න. ටිකකින් චිකන් ස්ටොක් එක දාගන්න. මේකට චීස් වර්ග දෙකම දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ටිකකින් චීස් ඔක්කොම දාලා කලවම් කරල පැස්ටා ටික දාගන්න. බිත්තර ටික කපලා එකතු කරන්න. හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.
7. Spicy Cheesy Fusilli Pasta
තම්බාගත් පැස්ටා ග්‍රෑම් 300
බටර් මේසහැඳි 2
පාන්පිටි මේසහැඳි 1
කිරි කෝප්ප 1
ලුණු හා ගම්මිරිස්කුඩු , ඔරිගානෝ ස්වල්පයක්
මිරිස්කුඩු තේහැඳි 1
කෑලිමිරිස් තේහැඳි 1
ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1
ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/2
පෑන් එකට බටර් දාලා මෙල්ට් වෙනකොට පාන්පිටි දාලා කැට නැතිවෙන්න හැඳිගාන්න. කිරි ටික ටික දාලා වයිට් සෝස් එක වගේ හදාගන්න.මේකට රස අනුව ලුණු , ගම්මිරිස්කුඩු , ඔරිගානෝ , මිරිස්කුඩු හා කෑලිමිරිස් දාගන්න. චීස් ටික දාලා කලවම් කරලා මෙල්ට් උනාම පැස්ටා ටික දාගන්න. කලවම් කරලා ලිපෙන් බාගන්න.
The post රසම රස චීසි පාස්ටා රෙසිපි 7ක් appeared first on Lifie.LK.
Saru FM Media