රසකාරක නොදා ගෙදරදී ම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදා ගනිමු.

0
10


දක්ෂ ගෘහණියක වෙන්න උත්සාහ කරන,කෑම අපතේ නොයවන ,විවිධ අත්හදා බැලීම් කරන, රසවත් කෑම හදන්න වෙහෙසන සහ ආසා කරන ඔබ වෙනුවෙන් නිවැරදිව ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන හැටි තමයි මේ කියා දෙන්න හදන්නේ..කිසිම රසකාරකයක් අඩංගු නොවීම තමයි මේ රෙසිපි එකේ විශේෂත්වය.

ගොඩක් අය ගෙදර ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන්න උත්සහ කරනව.ඒත් බොහෝ දුරට වෙන්නෙ අල බැදීමක් මිසක් ෆ්‍රෙන්ච් ෆයිස් නම් නෙමේ.නියම විදිහට හදන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ක්‍රිස්පි ගතියෙන් මලානික වෙන්නෙත් නැ පැයක් දෙකක් විතර හොදට ක්‍රිස්පි ගතියට තියාගන්න පුලුවන්.තැනින් තැන කරවෙන්නැ.පිම්බුනු ගතියක් තියෙනව.හැකිලෙන්නෙ නෑ.

අවශ්‍ය දේවල්

  • අර්තාපල් අවශ්‍ය ප්‍රමාණයට
  • විනාකිරි මේස හැදී 2 1/2ක් පමණ
  • ලුණු
  • සීනි මේස හැන්දක්
  • අල කපාගෙන පිටි ගතිය නැතිවනතුරු හොදින් සෝදාගන්න.
  • ඉන්පසු භාජනයකට දමන්න.
  • බත් උයන ප්‍රමාණයට වතුර සහ විනාකිරි ලුණු ,සහ සීනි තේ හැදී එක්කර හොදින් වසා විනාඩි 5-10ක් වැඩි ගින්දරේ තබන්න.
  • ලිපේ උෂ්ණත්වය අනුව තැම්බෙන කාලය වෙනස්.
  • ඒ නිසා.පෙණ එනකල් විතරක් ලිපේ තියන්න.
  • නැත්නම් වතුර හොදින් උතුරන විට අලදාන්න.
  • පෙන නගින විට ලිපෙන් බා සාමාන්‍ය වතුරෙන් හොදින් සෝදන්න.
  • අවසානයට සීතල වතුරෙන්( අයිස් වතුරෙන්)සෝදන්න.
  • ඉන්පසු වියලි තුවායක් මත අතුරා තෙත මාත්තු කරගන්න.
  • විනාඩි 20ක් පමණ අධි ශීතකරනයෙ තියන්න  .
  • එලියට අරන්ගැඹුරු තෙලේ විනාඩි දෙකක් හෝ තුනක් වැඩි ගින්දරෙ යාන්තමට බැඳ ගන්න .
  • නිවුණු පසු බෑගයක දමා අධි ශීතකරණයේ තබන්න .
  • හොදින් freeze වනතෙක් පැයක් දෙකක් වත් තිබීම අත්‍යවශ්‍යයි ..
  • අවශ්‍ය විටෙක ගෙන රන් වන් පාට වනතෙක් බැඳ ගන්න .
  •  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here