රවී සෙනෙවිරත්නගේ නඩුවකට අතුරු තහනම් නියෝගයක්

0
12

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයක් තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අද (04දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

2023 වසරේ දී බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙන අතර ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත්කර ඇත.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here