කොළඹ LNW:හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ ඔහු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අතර එම ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (20) නියෝග කළ අතර එම නඩුකරවල සැකකරුවකු ලෙස හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දෙන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media