හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද (21) කැඳවා තිබිණි.
ඒ කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර ඇමති ධුරයන් දැරූ අවධියේ සිට සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් නොගෙන, එම තනතුරුවලට රජයේ මුදලින් වැටුප් ගෙවා රුපියල් අසූ ලක්ෂයකට ආසන්න මුදලක් සිය දේශපාලන කටයුතුවලිට යොදාගැනීම තුළින් රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙනි.
මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් හිටපු ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය මැයි 07 වන දා අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
Saru FM Media