Monday, May 12, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් රම්බොඩ බස් රථ අනතුර: මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ යයි

රම්බොඩ බස් රථ අනතුර: මියගිය සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ යයි

0
4


ramboda-bus-accident-dead-loss-of-8

 අද උදෑසන (මැයි 11) රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය වාර්තා කරයි.

නුවරඑළිය-ගම්පොල ප‍්‍රධාන මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු සිටින බව කොත්මලේ පොලීසිය සඳහන් කරයි. මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාවය මේ වන තුරු තහවුරු කර නොමැති බව වාර්තා වේ.


අනතුරින් මගීන් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් ප‍්‍රතිකාර සඳහා කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කර ඇත. බස් රථයේ රියදුරු ද තුවාල ලැබූවන් අතර සිටින බව වාර්තා වේ.
අනතුරට ලක්වූ බස් රථය කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල බලා ගමන් කරමින් තිබූ බවත්, ගැරඬිඇල්ල ප‍්‍රදේශයේදී පාලනය අහිමි වී ප‍්‍රපාතයට පෙරළී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී. අනතුරට හේතුව තවමත් නිල වශයෙන් හෙළිදරව් කර නොමැති අතර, ප‍්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හෝ යාන්ත‍්‍රික අක‍්‍රමිකතාවක් හේතු විය හැකි බව මූලික විමර්ශනවලින් පෙනී යයි.
අදාළ බලධාරීන් සිද්ධි ස්ථානයට පැමිණ ආරක්ෂක හා සෞඛ්‍ය අංශ සමඟ එක්ව ගලවා ගැනීමේ කටයුතු මෙහෙයවන ලදී. තුවාල ලැබූවන්ගේ තත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබෙන්නට නියමිතය.

gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5
gossiplanka image 6


gossiplanka image 7
gossiplanka image 8
gossiplanka image 9
gossiplanka image 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here