කතරගම සිට කුරුණෑගල බලා රාත්‍රි කාලයේ ධාවනය කරන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය රම්බොඩ දී ප්‍රපාතයකට පෙරලීමෙන් මගීන් 13 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ 59 දෙනකු කොත්මලේ, ගම්පොල, නාවලපිටිය සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුලත් කර ඇති බව මේ වනවිට වාර්තා වේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන් ම, ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් ද අනතුර සිදු වූ ස්ථානයක දක්වා පිටත්ව ගොස් ඇත.
Saru FM Media