රනුග ලියනගේට රන් පදක්කමක්

0
8


සොෟදි අරාබියේ පැවති 06 වන ආසියානු වයස අවුරුදු 18න් පහළ යොවුන් මළල ක්‍රීඩා උළෙල ඊයේ නිමාවට පත් වුණා. 

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කමි 08ක් දිනා ගැනීමට සමත් වුණා. 

එම තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගත්තේ බාලිකා මීටර් 800 ඊසව්වට එක්වූ තරුෂි අභිෂේකායි. 

මීටර් 800 බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශවිඳු අවිශ්ක සමත් වුණා. බාලිකා මිශ්‍ර සහය දීමේ ඉසව්වේ රිදී පදක්කමද ශ්‍රී ලංකාවට හිමි කර ගත්තා. 

මේ අතර එංගලන්තයේ පැවති වයස අවුරුදු 23න් පහළ කනිෂ්ඨ ආසියානු සවි එසවීමේ තරඟාවලියේ කිලෝග්‍රෑම් 59 බර පන්තියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි කර ගැනීමට රනුග ලියනගේ සමත් වුණා. 

එය මෙම ඉසව්වේ කනිෂ්ඨ කාණ්ඩයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හිමි කරගත් පළමු රන් පදක්කම ලෙසයි ඉතිහාසයට එක්වුණේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here