රනිල් – සජිත් හමුවක් !

0
8

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (01) සිදුව තිබේ.

ඒ, එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයේදී ය.

පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක පැවති මෙම උත්සවය සඳහා රනිල් – සජිත් දෙදෙනාටම ආරාධනා ලැබී තිබුණු අතර ඔවුන්ට ආසන පනවා තිබී ඇත්තේ ද එකම මේසයක ය.

ඒ අනුව පැයකට ආසන්න කාලයක් රනිල් – සජිත් දෙදෙනා මෙහිදී සුහද සාකච්ඡාවක නිරත වී සිට ඇති අතර රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, වජිර අබේවර්ධන, ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිසක් ද එම මේසයෙහි අසුන්ගෙන සිට ඇති බව සඳහන්.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here