රනිල් වික්‍රමසිංහව අල්ලස් කොමිසමට කැඳවයි

0
6


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව එම කොමිසම පවසනවා.

ඒ මහතාට පසුගිය 17 වනදා ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණා.

ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහි විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි රනිල් වික්රසමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවා ඇත්තේ.

චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේදී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිනුම් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීමට කටයුතු කිරීමෙන් දූෂණයක් සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණා.

එමගින් අල්ලස් කොමිසමේ විමර්ශනවලට අදාළ තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා දන්නා බවත් එම විමර්ශනය අයත් සිද්ධි දාමයට යම් අවස්ථාවක මැදිහත්වී ඇති බවත් පෙනී යන බව එම කොමිසම පවසනවා.

ඒ අනුව අදාළ ප්‍රකාශයක් සඳහන් කර කරුණු තහවුරු කිරීම සඳහා තමන් සතුව ඇති ලේඛණ ද රැගෙන පසුගිය 17 වනදා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසයි රනිල් වික්‍රමසිංහ මහතා දන්වා තිබුණේ.

එසේ නොපැමිණය හොත් දූෂණ විරෝධී පනතට අනුව ක්‍රියා කරන බවද අල්ලස් කොමිසම රනිල් වික්‍රමසිංහ මහතාට යැවූ ලිපියේ සඳහන් වුණා.

කෙසේ වෙතත් එදින ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටි අතර අවුරුද්දෙන් පසුව ඉදිරිපත් වනබව දන්වා තිබූ බවයි වාර්තා වුණේ.

ඒ අනුවයි ඔහුට ලබන 25 වනදා යළි පැමිණෙන ලෙස ඔහුට දන්වා යවා ඇත්තේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here