රනිල් බොරුකාරයෙක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් – Saru News | සිංහල

0
2

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් පත් කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒකාධිපති බලයක් මෙහෙයවමින් නීතිඥ සංගමයට එරෙහිව චෝදනා ගණනාවක් එල්ල කර තිබූ අයුරු අනාවරණය වේ.

ඔහු 2023 නොවැම්බර් 24 වෙනි දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කර තිබුණේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉවත් කර නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් අගමැති ධුරයට පත් කිරීමේ අපේක්ෂාවක් නීතිඥ සංගමයට තිබූ බව ය. මේ ආකාරයට රනිල් වික්‍රමසිංහ එල්ල කළ චෝදනා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ප්‍රතික්ෂේප කරමින් සමාජ මාධ්‍ය සටහනක් එදින ම පළ කර තිබිණි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය ඇතුලත් හැන්සාඩ් වාර්තාව සහ නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ සමාජ මාධ්‍ය සටහන ඇසුරින් පළ කළ ප්‍රවෘත්තියක් උපුටා ගෙන පහත දැක්වේ.

අරගල සමයේ දී එවකට නීතීඥ සංගමයේ සභාපතිවරයා වූ සාලිය පීරිස් මහතා, රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වීම සදහා කුමන්ත්‍රණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයාගේ විසින් කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින්, සාලිය පීරිස් මහතා විසින් ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

“රනිල් වික්‍රමසිංහ මහතා අද ( 24) පාර්ලිමේන්තුවේදී මගේ නම සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශයක් කරමින් 2022 මැයි 9 වැනිදාට පෙර මට අගමැති වීමේ අභිලාෂයක් තිබූ බව ප්‍රකාශ කර තිබෙනවා.

අවාසනාවකට රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මුක්‌තියට මුවා වී මේ බොරු ප්‍රකාශ කරන්නේ ඔහුට පිළිතුරු දිය නොහැකි තැනයි.

2022 මැයි මාසයේදී ඉදිරිපත් කරන ලද BASL යෝජනා කිසි විටෙක පුද්ගලයන් ගැන නොවේ. ඒවා එහි විධායක කමිටුව විසින් හොඳින් සිතා බලා නීතීඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒවා විය. නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා පෙරදැරි කරගෙන ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුමක් යෝජනා කිරීමේ අරමුණින්.

ඔහු වැනි දේශපාලනඥයන් මෙන් මා කිසිවිටෙකත් පෞද්ගලික අභිලාෂයන් රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නැති බව කීමට මට බලකෙරේ. මම කවදාවත් මගේ ප්‍රතිපත්ති පෞද්ගලික වාසි තකා හෝ තනතුරේ කෑදරකමට කැප කරලා නැහැ.”


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here