රනිල් වික්‍රමසිංහගේ ඉදිරි දේශපාලන පැවැත්ම වෙනුවෙන් ගොඩනගන උපක්‍රමික සන්ධානයට නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ මෙන් ම සජිත් ප්‍රේමදාස ද එක් වී ඇති බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (14) මල් පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයට විපක්ෂයේ සියලුම පක්ෂ කැඳවා තිබූ අතර, එයට ඉහත සඳහන් සියලුම දෙනාගෙන් නියෝජිතයන් හෝ ඔවුන් ඍජුව ම සහභාගී වී තිබිණි. සජිත් ප්‍රේමදාසගේ නියෝජිතයා ලෙස නලීන් බණ්ඩාර ද, විමල් වීරවංශගේ නියෝජිතයා ලෙස මොහොමඩ් මුසාමිල් ද එක් වී සිටි අතර, නාමල් රාජපක්ෂ ඍජුව ම එයට සහභාගී විය.
පළාත් පාලන මැතිවරණයෙන් පසුව, ජාතික ජන බලවේගයට එරෙහිව ගොඩනැගීමට උත්සාහ කරන එම සන්ධානය පිළිබඳව අද (15) තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය. ඊයේ පැවති සාකච්ඡාවේ කැඳවුම්කරු ලෙස හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන පත් වී සිටී.
එම සාකච්ඡාවට එක් වූ අනෙකුත් පිරිස වන්නේ නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, ජීවන් තොන්ඩමන්, අසංක නවරත්න, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර, නිමල් ලන්සා, ප්‍රේමනාත් සී දොලවත්ත, වීරකුමාර දිසානායක, වජිර අබේවර්ධන, තලතා අතුකෝරල සහ හරීන් ප්‍රනාන්දු යන අයයි.
ඒ අනුව, ජාතික ජන බලවේගයට එරෙහිව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් දූෂිත සහ අන්තවාදීන් එක පෙරමුණකට ගොනු වී ඇති බව ජනතාවගේ විවේචන එල්ල වී තිබේ.
පසුගිය ආණ්ඩුවල සිටි ප්‍රබලයින් කප්පම් සහ කොමිස් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාවේ සිටින ජපන් රජයේ තානාපති අකියෝ ඉසොමොටා පසුගිය දා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
Saru FM Media