විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් වන විපක්ෂයේ කණ්ඩායම් අතර සාකච්ඡා තුනක් අද පැවැත්වුණා.
ඉන් එක් සාකච්ඡාවක් පැවැත්වුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ, කොළඹ මල් පාරේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදීයි.
එම සාකච්ඡාවට එක්වූ සිය පාර්ශවය ලබන සඳුදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමට තීරණය වූ බවයි සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ.
මේ, එම සාකච්ඡාවට එක්වූ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා.
විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් පිරිසක් සමගින්.
පැවති එම සාකච්ඡාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා.
මේ අතර සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් අතර අනෙක් සාකච්ඡාව පැවැත්වුණා.
එම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාගෙන් ප්‍රශ්න කළා.
Saru FM Media