රනිල් අවුරුද්දට කළින් ලංකාවට

0
4

මේවන විට සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල හා දෙමළ අවුරුද්දට පෙර යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඒ මහතාට සිංගප්පූරුවේදී පැය 9කට ආසන්න කාලයක් සිදු කළ හෘද සැත්කමින් පසුව මේවන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවද පැවසේ.

සිංහල හා දෙමළ අවුරුද්දට පසුව යළි මෙරටට පැමිණීමට මීට පෙර සැලසුම් කර තිබුණද යහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන වෛද්‍ය නිර්දේශ මත හිටපු ජනාධිපතිවරයා ඊට පෙර මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

ඉකුත් මාර්තු මස 15 වැනිදා ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් පසුව හදවත් සැත්කමට භාජනය කෙරිණි. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here