රනිල් අඳෝනා නගයි… – Saru News | සිංහල

0
3

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ කුඩා පිරිසක් වට කරගෙන සිංහල භාෂාවෙන් දක්වන ලද විරෝධය ඉංග්‍රීසි භාෂාවෙන් නොකිරීම පිළිබඳව දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

එම නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ මෙරට හිටපු ජනාධිපතිවරයෙකු ලෙස මේ ආකාරයෙන් අඳෝනා නැගීමක් හා සමාන ප්‍රකාශයක් මෙරට ජනතාවට කිරීම වෙනුවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට හෝ මෙරට තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයට හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තම විරෝධය සටහන් කර යැවිය හැකි බවයි.

මේ අතර පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් මුදල් වියදම් කරමින් පරීක්ෂණ පැවැත්වීම අනවශ්‍ය බවට රනිල් වික්‍රමසිංහ කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් නිරීක්ෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට සමීප සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් හමු වූ අවස්ථාවකදී මෙම මුදල් වැය කිරීම පිළිබඳව ප්‍රකාශය සිදු කර තිබිණි. එම ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවරා දී තිබුණේ රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයකු වන සාගල රත්නායකට බව නිරීක්ෂකයන් පෙන්වා දී ඇත.

8

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here