රනිල්ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නැවතත් දින දෙයි

0
6


සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අප්‍රේල් 25 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ අනුව, එදින පෙරවරු 09.30 ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ කරුණු විමසීම සඳහා මෙසේ ඒ මහතාව අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇති බව සඳහන්.

මීට පෙර අප්‍රේල් 17 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණත් එදින පැමිණිය නොහැකි බව ඔහු කොමිසමට දන්වා තිබිණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here