රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

0
10

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ චෝදනා එල්ල කරමින් පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩුව ගොණුකර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානොත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩන් වෙත යාමට එම රජයේ මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ඊට අදාළව හිටපු ජනාධිපතිවරයා සිටින්නේද ඇප මතය.

ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය වසරේ අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here