මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා තරඟ විභාගයෙන් වැඩිම ලකුණු ලබා ගත් තැනැත්තා කපා හැර ඊට වඩා අඩු ලකුණු ලබා ගත් පුද්ගලයෙකු අභියාචනාධිකරණයේ නියෝගයක් මත නෙරපා හැරීමට කටයුතු කර ඇත.
රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 2024 මාර්තු 05 වෙනි දින එම තනතුර සඳහා අඩු සුදුසුකම් සහිත පුද්ගලයෙකු පත් කර තිබිණි. එම පත් කිරීමට එරෙහිව වැඩිම ලකුණු ලබා ගෙන සිටි කේ. ඩබ්ලිව්. කන්ඩම්බි අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ඊයේ (08) එම තීන්දුව ලබා දී තිබේ.
මේ අනුව, අගතියට පත් කේ. ඩබ්ලිව්. කන්ඩම්බිව 2024 මාර්තු 05 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පදවියේ පිහිටුවන ලෙස අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
Saru FM Media