කොළඹ LNW:පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බාර් පර්මිට් ලබා දී ඇත්තේ අල්ලස් ලබාගනිමින් බවට අද (09) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පැවසීය.
රිෂාඩ් බදියුදීන් මහතාගේ මිත්‍රයෙකුට බාර් පර්මිට් එකක් ලබා ගැනීම වෙනුවෙන් රු.කෝටි අටක අල්ලසක් ලබා දීමට සිදුවූ බව බදියුදීන් මහතා තමන් වෙත පැවසූ අතර ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන එස තමන් උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අනුව පසුගිය කාලයේ පැවතියේ කප්පම් දේශපාලනයක් බවයි අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ.
පසුගිය පාලන කාලයේ කාලයේ අනීතිකව සිදුකළ බොහෝ දෑ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් ඒවාට අදාළව විමර්ශන සිදුකරමින් පවතින බවත් පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ ජාතික ජන බලවේගය විසින් වෙනස් කරන ලද්දේ එවැනි දේශපාලන සංස්කෘතියක් බවයි.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media