රන්මාලයක් වංචාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ නව පරපුරේ රංගන ශිල්පිණියක් ඇප මත නිදහස් කර තිබේ.
පොලීසිය පවසන අන්දමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකුගෙන් ඔහුට හිමි රු. ලක්ෂ 9 කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක් සැකකාරියට ලබාදී ඇති අතර, ඇය විසින් හිමිකරුගේ අවසරයකින් තොරව එම රන්මාලය උකස් කර රු. ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන ඇත.
මේ බව ක්‍රිකට් ක්‍රීඩකයා විසින් තලංගම පොලිසියට පැමිණිල්ලක් යොමු කිරීමෙන් අනතුරුව, තලංගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් ඇය අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ අදාල මාලය උකස් කර ඇති බවත්, එය බේරාගෙන නැවත හිමිකරුට ලබාදීමට තම සේවාදායිකාවට හැකියාව පවතින බවයි.
කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
තවද, අදාළ රන් මාලය තලංගම පොලීසිය මගින් භාරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියෝග කර තිබේ.
මෙම නඩුව අප්‍රේල් මස 22දා යළි කැඳවීමට නියමිතයි.
Saru News
















