රථවාහන දඩ මුදල් ගෙවන්න අද සිට අලුත් ක්‍රමයක්

0
14


රථවාහන වැරදිවලට අදාළ දඩ මුදල් GovPay යෙදවුම හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවිමේ නියමු ව්‍යාපෘතියක් අද (11) දිනයේ සිට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

මෙම නියමු ව්‍යාපෘතිය අද (11) සිට ලබන 30 වන දින දක්වා කුරණෑගල, දොරටියාව, මැල්සිරිපුර, ගොකරැල්ල, ගලේවෙල, දඹුල්ල, මඩාටුගම, මරදන්කඩවල, කැකිරාව, තිරප්පනේ, කවරක්කුලුම සහ අනුරාධපුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවයි පොලිසිය සඳහන් කළේ.

රියදුරන් විසින් කරනු ලබන රථවාහන වැරදි සදහා පොලිස් නිලධාරී විසින් නිකුත් කරන දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවීමේ ක්‍රමය දැනට ක්‍රියාත්මක වනවා.

එහිදී නිකුත් කෙරෙන කුවිතාන්සිය නැවත පොලිස්ථානය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීමට හැකියාව පවතිනවා.

මෙම නව ක්‍රමවේදය ඔස්සේ දඩ මුදල GovPay යෙදවුම හරහා ගෙවීම් සිදුකර එය කෙටි පණිවුඩයක් ඔස්සේ පොලිස් නිලධාරීන්ට තහවුරු කර එම අවස්ථාවේදීම රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීමට හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here