විදේශ රටවල සැඟව සිටින දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 30දෙනෙකු පසුගිය අවුරුදු 03ක කාලය තුළ මේ වනවිට මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් පවසයි.
ඔහු සඳහන් කර සිටියේ අද (30) දිනයේ මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ප්‍රභාත් මධුසංක හෙවත් ‘‘මිදි ගම චූටි‘‘ යන සැකකරුද ඊට අයත් බවය.
ඔහු මිනීමැරුම්, බරපතළ ගණයේ මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම්, අවි ආයුධ ජාවාරම්, ව්‍යාජ මුදල් ඡාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ පිළිබඳ චෝදනා රැසක වරදකරුවෙකු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
එහිදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවය.
පවතින ජාත්‍යන්තර සබදතා හේතුවෙන් රතු නිවේදන නොමැතිවද සැකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එලෙස සැකකරුවන් 13දෙනෙකු දිවයිනට ගෙන්වා ගත් බවත්, පසුගිය 28වනදා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනාද එලෙස රතු නිවේදන නොමැතිව රැගෙන ආ බවත් ඔහු පැවසීය.
එමෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් 88ක් සඳහා මේ වනවිට රතු නිවේදන නිකුත් කර ඇති බවද මෙහිදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් පවසයි.
1
Saru News
















