රතු මුහුදේදී සබ්මැරීනයක් අනතුරට – හය දෙනෙකුට දිවි අහිමි වෙයි

0
10


ඊජිප්තුවට අයත් සංචාරක සබ්මැරීනයක් රතු මුහුදේ දී අනතුරට ලක් වී, ගිලී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයින් 29 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තවල දැක්වෙනවා.

අනතුරට ලක් වූ සබ්මැරීනය තුළ සිටි සියලුම මගීන් රුසියානු ජාතිකයන් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. 

සින්බෑන්ඩ් නැමැති එම සබ්මැරීනය අනතුරට ලක්ව ඇත්තේ රතු මුහුදේ කොරල්පර සඳහා ප්‍රසිද්ධ ජනප්‍රිය සංචාරක කලාපයක් වන ඊජිප්තුවේ හුර්ගාඩා වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here