රතු තොප්පිය දාගෙන දෑකැත්ත මිටිය ගත්ත අය අද නිහඩයි. ඉරානය එක්ක දුක බෙදා ගන්නෙත් රනිල්!

0
1

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එදා අනුර කුමාර දිසානායකලා ඉරානයට සහය දක්වන බවට මහා පාරේ කෑගහුවද දැන් මධ්‍යස්ථභාවය රකින බව ප්‍රකාශ කරමින් නිහඬව සිටින බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

රතු තොප්පි දමාගෙන දෑකැත්ත මිටිය ගෙන සිටි අය අද නිහඬ වී සිටින තත්ත්වයක ඉරානය සමඟ දුක බෙදා ගන්නේ කොළ කොඩිය දමාගෙන හිටපු රනිල් වික්‍රමසිංහ බව හිටපු ඇමතිවරයා සඳහන් කරයි.

ආණ්ඩුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පමණක් නොව මෙරට ඇමරිකානු තානාපතිටත් බය බවයි ඔහු පවසන්නේ.

මේ වන විට ඉරානයට අත තබා ඇත්තේ තෙල් නිසා වන අතර මැදපෙරදිග යුද්ධය දැන් ලෝක අර්බුදයක් වී ඇති බවයි රාජිත සේනාරත්න මහතා කියා සිටින්නේ.

ජාත්‍යන්තර නීති පවා නොසලකා ඊශ්‍රායලය විසින් ගාසාවට පහර දුන ආකාරයට ලෙබනනයට ද පහර දෙන බව පවසා ඇති තත්ත්වයක මෙම යුද්ධය ඉතා
බරපතල තැනකට තල්ලු වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

හිටපු අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (25) විපක්ෂයේ පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

The post රතු තොප්පිය දාගෙන දෑකැත්ත මිටිය ගත්ත අය අද නිහඩයි. ඉරානය එක්ක දුක බෙදා ගන්නෙත් රනිල්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here