සිලි සිලි මලු නිකන් දුන් ව්‍යාපාරිකයාට දසදහසක් දඩ
දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසලක් වරද පිළිගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම වෙළෙඳසල් හිමියාට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර ඇතැයි ද එම අධිකාරිය කියයි. එමෙන්ම කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර
නගරයේ තොග වෙළෙඳසලකට රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් නියම කර තිබේ.
මේ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කරන ලද අංක 2451/41 දරන ගැසට් නිවේදනය අනුව පොලිතින් බහාලුම් මලු හෙවත් සිලි සිලි මලු සඳහා මුදල් අය නොකර ලබාදීම සම්බන්ධයෙන් වරද පිළිගත් ව්‍යාපාරිකයකුට ද රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 10,000 ක (දස දහසක) දඩ මුදලක් නියම කර තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
Saru FM Media









